The Protest Against of Destruction in Negombo Lagoon, Sri Lanka.
The Protest on 09/10/2012 in Negombo Sri Lanka for Stop Pollution,
lagoon embankment destruction of Negombo Lagoon. it is voice of women
around the Negombo lagoon.
Sri Lanka Web Site
Wednesday, October 17, 2012
Monday, September 3, 2012
(උපටා ගැනීම - විදුසර විද්‍යා සගරාව2012 අගෝස්තු 29 බදාදා)
මාකන්දාව රක්‌ෂිතය වනසමින් කිතුල්ගල සිට
වන රක්‌ෂිතය හරහා පල්ලෙබාගෙට මාර්ගයක් ඉදි කෙරේ
කිතුල්ගල, කැලණිවැලි රක්‌ෂිතයට අයත් මාකන්දාව රක්‌ෂිතය හරහා කිතුල්ගල සිට පල්ලෙබාගෙ දක්‌වා මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කර අවසන් කර තිබේ. දැව ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා තව දින කිහිපයකින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර දෙකකින් යුත් මේ මාර්ගය රක්‌ෂිත වනාන්තරයේ දිය පහරවල් හරහා පාලම් හා බෝක්‌කු 4කින් සමන්විත ව ඉදි කිරීමට රුපියල් ලක්‌ෂ 169ක මුදලක් මේ සඳහා ඇස්‌තමේන්තු කර තිබේ.
මේ මාර්ගය පිළිබඳ ව මූලික සංකල්පය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු ද වන පල්ලෙබාගේ, දේශපාලන පක්‌ෂ ශාඛා සමිතියක ලේකම්වරයකු විසිනි. එය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයකු මහතා හා ඔහු ගේ පුත්‍රයා සියලු සැලැසුම් සකස් කරමින් සිටිති. ඒ සඳහා සහයෝගය ලබා දීමට රජයේ අමාත්‍යවරයෙක් පසුගිය අප්‍රේල් මස 24 වැනි දින පල්ලෙබාගේ උතුර, වත්තේහන්දියේ දී පැවැති රැස්‌වීමේ දී ප්‍රදේශවාසීන් අමතා කියා සිටියේ මේ මාර්ගය රක්‌ෂිතය හරහා ඉදි කිරීමට පොරොන්දු වන බව ය. වන සංරක්‌ෂණ ආඥා පනත තුට්‌ටුවකට මායිම් නො කරමින් අදාළ අමාත්‍යවරයා ම උත්තරීතර පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නීති උල්ලංඝනය කිරීමට ජනතාවට පොරොන්දු වීම පිළිබඳව නීතියට ගරු කරන අය වශයෙන් අප කණගාටු විය යුතු ය.
මීට ප්‍රථම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් පල්ලෙබාගෙ ග්‍රාමයේ හා ඒ ආශ්‍රිත රක්‌ෂිත වනාන්තරවල දැවමය ශාක මහ පරිමාණයෙන් කපා ඉවත් කරමින් පල්ලෙබාගෙ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ පානීය ජල හිඟයේ ගොදුරක් බවට පත් කළේ ය. අද වන විට කෙටි නියං කාලයක දී පවා එම ප්‍රදේශයේ දිය පහරවල් සියල්ල සිඳී යයි. ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කිරීමටත් දැව ජාවාරම තවදුරටත් වර්ධනය කිරීමටත් මේ මාර්ගය හේතු විය හැකි ය. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති විරෝධී ලෙස මාර්ගය තැනීමට අවශ්‍ය වනාන්තර ඉඩම් නිදහස් කිරීමට හා ශාක කපා ඉවත් කිරීමට, වන සංරක්‌ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දීමට සිදු ව ඇත්තේ පරිසර අමාත්‍යතුමන් ගේ බලපෑම මත ය.
මේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මීට ප්‍රථම 2010 වසර අවසාන කාලයේ ආරම්භ කළ අවස්‌ථාවේ දී වන සංරක්‌ෂණ නිලධාරීන් රක්‌ෂිත වනාන්තරයට හානි කරමින් මාර්ගය ඉදි කිරීමට එරෙහි ව රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ MC 348 අංක දරන නඩුව ගොනු කර තිබේ. එය මේ වන විට ද, විභාග වෙමින් පවතී. එය අභියෝගයට ලක් කරමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ ම මේ මාර්ගය ඉදි කිරීම සඳහා සැලැසුම් සකස් කිරීම ලංකාවේ නීති පද්ධතිය අභියෝගයට ලක් කිරීමක් පමණක් නො ව
වැරැදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි. ලංකාවේ පැරැණිතම වන රක්‌ෂිත අතරින් එකක් වන මාකන්දාව රක්‌ෂිතය 1903 සැප්තැම්බර් 11 වැනි දින අංක 5911 දරන ගැසට් නිවේදනය මගින් හෙක්‌ටයාර 192ක් පමණ වන වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කැලණිවැලි රක්‌ෂිතය හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස ව්‍යාප්ත ව ඇති මාකන්දාව රක්‌ෂිතය ජෛව විද්‍යාත්මකව ඉතා ම වටිනා ඉතා ම දුර්ලභ ජීවී විශේෂ බොහොමයකට රැකවරණය සලසන කැලණි ගඟේ ජල පෝෂක වනාන්තරයකි. පහතරට තෙත් නිවර්තන ද්විතීයික වනාන්තර වැස්‌මක් සහිත මේ ප්‍රදේශය හොර ශාක ප්‍රමුඛ ශාක ප්‍රජාවන් ගෙන් සමන්විත ය.
මේ වන රක්‌ෂිතයේ ජෛව විද්‍යාත්මක වටිනාකම මෙතෙකැයි ලඝූ කොට දැක්‌විය නො හැකි තරම් විශාල වටිනාකමකින් යුක්‌ත ය. මු`ඵ ලොවෙන් ම මේ ප්‍රදේශයේ පමණක් වාර්තා වන හොර ශාක කුලයට ((Dipterocarpaceae) අයත් Balanocarpus kitulgallensis ශාක කිහිපයක් පමණක් ඉතිරි ව ඇත්තේ මේ වන රක්‌ෂිතයේ පමණි. මෙය මේ වනාන්තරයේ ඇති වැදගත්කම කියාපාන ප්‍රධාන එක් සාධකයක් පමණි. ලංකාවට ආවේණික දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති Tropoidia
bambusifolia උඩවැඩියා විශේෂයට රැකවරණය සලසන දැනට හ`දුනාගත් එක ම වාසස්‌ථානය මේ වනාන්තරයයි. මීට අමතර ව ඉතා ම දුර්ලභ ලංකාවට ආවේණික උඩවැඩියා විශේෂ වන Bromheadia srilankensis හා Dendrobium microbulbonශාක මේ වනාන්තරයෙන් වාර්තා වේ. ලංකාවේ ඉතා ම දුර්ලභ හා එක ම ජලජ උඩවැඩියා විශේෂය වන Malaxis thwaitesii ශාකය මේ වනාන්තරයේ දිය පහරවල ඉතා ම සු`ඵ වශයෙන් වාර්තා වේ.
පිළිල ශාකයක් වන Tolypanthus gardinari ශාකය මේ වනාන්තරයේ වාර්තා වන තවත් ඉතා ම දුර්ලභ ශාකයකි. ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ පසුව නැවත කිතුල්ගල ඇතු`ඵ ව වනාන්තර කිහිපයකින් පමණක් සොයාගත් ලංකාවට ආවේණික කූඩ`ඵ විශේෂයක් වන ගල්දෙමට (Impapiums repens) මේ වනාන්තරයේ ඊට ම විශේෂිත වාසස්‌ථානවල පමණක් වාර්තා වේ. හොඳින් දිය සීරාව සහිත හා හොඳින් හිරුඑළිය ලැබෙන ස්‌ථානවල ගල්පර ආශ්‍රිතව පමණක් මේ ශාකය දැක ගත හැකි ය. එම පාරිසරික තත්ත්වයන් වෙනස් වන අවස්‌ථාවල දී මේ ශාකය ඒ ප්‍රදේශවලින් විනාශ වී යයි.
බෝවිටියා කුලයට අයත් අපිශාකයක් ලෙස වර්ධනය වන ඉතා ම දුර්ලභ ශාකයක් වන Medinella cunata ශාකය මේ වනාන්තරයේ වාර්තා වන ආවේණික, දුර්ලභ සපුෂ්ප ශාක අතරින් ඉතා ම වැදගත් ශාකයකි. මීට අමතරව වැලක් ලෙස වැඩෙනHoya pinipolia ශාකය ද ඉතා දුර්ලභ, ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි.
මේ වනාන්තරයේ කැලණි ගඟේ ජල පෝෂක දිය දහරාවන් ආශ්‍රිත ගල්පර මත වැඩෙන Podostemaceae කුලයට අයත් ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ හා වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති ජලජ ශාක වන Polypleurum eleomgatum, Farmaria
metrogoides හා Dalzillea zeylanica ශාක දැකගත හැකි ය. මීට අමතර ව දියපහරවල අතිඋඩයන් හා කෙටල ශාක විශේෂ වන ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ Cryptocoryne thwaitesii හා Leginandra thwaitesii විශේෂ වාර්තා වෙයි.
මේ මාර්ග ඉදිකිරීම සඳහා ශාක ඉවත් කිරීම, පස් කපා ඉවත් කිරීම හා දියපහරවල් හරහා පාලම් හා බෝක්‌කු ඉදිකිරීම හේතුවෙන් මේ දුර්ලභ ශාක දැඩි බලපෑමට ලක් විය හැකි අතර එම දුර්ලභ ශාක විශේෂවල වාසස්‌ථාන වෙනස් වීමෙන් ඉතා කෙටි කාල සීමාවක් තුළ විනාශ වී යා හැකි ය. මේ වනාන්තරයේ ශාක විවිධත්වය මෙන්ම අද්විතීය වූ සත්ත්ව විවිධත්වයක් ද දැකගත හැකි ය. මත්ස්‍ය, උභයජිවීන්, උරගයන්, පක්‌ෂීන්, ක්‌ෂීරපායින් හා සමනළයින් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 411ක් පමණ මේ වනාන්තරයේ වාර්තා වේ. ඉන් විශේෂ 119ක් ලංකාවට ආවේණික වේ. එහි ආවේණිකතා ප්‍රතිශතය 29%ක් තරම් ඉහළ අගයක් ගනී.
ඉහත කාණ්‌ඩ හයට අයත් ලංකාවේ වාර්තා වන සත්ත්ව විශේෂ අතුරින් 40%ක් හා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් 38%ක් මේ වනාන්තරයෙන් වාර්තා වීමෙන් මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම මනාව පැහැදිලි වේ.
ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතර වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණපා ඇති ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන අසෝක පෙතියා (Systomus asoka)) කැලණි ගෙ`ග් අතු ගංගාවන් වන මේ රක්‌ෂිත වනාන්තරයේ හා ඒ ආශ්‍රිත දියදහරාවන් පමණක් නිවහන කර ගෙන ජීවත් වේ. මේ විශේෂයට අමතරව ජොන්ක්‌ලාස් ගේ පුල්ලි අහිරාවා (Lepidocephalichthys
jonklaasi) විශේෂය ද, මේ වනාන්තරයේ කුඩා දියපහරවල වාර්තා වන ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති දුර්ලභ මත්ස්‍ය විශේෂයකි. මීට අමතරව ලේ තිත්තයා (Puntius titteya), තල්කොස්‌සා (Belontia signata), හල්මල් දන්ඩියා (Rasboroides vaterifloris), කොළ රතු වැලිගොව්වා (Sicyopus jonklaasi), ගල්වැලිගොව්වා (Sicyopteres halei), ඉරි අහිරාවා (Acanthocobitis urophthalmus) යන විශේෂ මේ වන රක්‌ෂිතයේ දියපහරවල වාර්තා වන දුර්¨ලභ මත්ස්‍ය විශේෂ වෙයි. මාර්ග ඉදිකිරීම් සඳහා ශාක ඉවත් කිරීම, පස් කපා ඉවත් කිරීම හා ඇළ මාර්ග වෙනස් කිරීම හේතුවෙන් වාසස්‌ථාන අහිමි වීමෙන් හා මාර්ග සැකසීමේ දී කපා ඉවත් කරන පස් සේදී ගොස් දියපහරවල තැන්පත් වීමෙන් මේ මත්ස්‍ය විශේෂවල වාසස්‌ථාන වෙනස් වී මේ සතුන් ගේ පැවැත්මට දැඩි තර්ජන එල්ල විය හැකි ය.
ලංකාවේ පක්‌ෂි විවිධත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඉතා ම වැදගත් වනාන්තරයක් වන මෙහි ලංකාවට ආවේණික ඉහළ ක`දුකරයේ වාර්තා වන විශේෂ හැර සියලු ම ආවේණික විශේෂ වාර්තා වේ. එම නිසා මෙය පහතරට තෙත් වනාන්තර ආශ්‍රිත ආවේණික පක්‌ෂි විශේෂ සියල්ල ම දැක ගත හැකි එක ම වනාන්තරය ලෙස හැ`දින්වේ. මෑතක දී විද්‍යා ලොවට හ`දුන්වා දුන් ප`ඩුවන් බස්‌සා (Serendib Scops Owl) පළමු ව නිරික්‌ෂණය කිරීමට ඒ පිළිබඳව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම විශේෂය වාර්තා වන කුඩා ම වනාන්තරය ද මෙය වේ. ඊට අමතර ව මේ විශේෂයේ බෝ වීම පිළිබඳ ව නිරීක්‌ෂණය කිරීමට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. මේ පක්‌ෂි විශේෂය නැරඹීමට පමණක් බොහෝ විදේශීය පක්‌ෂි නිරීක්‌ෂකයෝ මේ වනාන්තරයට පැමිණෙති. මේ නිසා මේ වනාන්තරය ලොව පක්‌ෂි නිරීක්‌ෂකයන් අතර මහත් ප්‍රසිද්ධියට පත් වී ඇත. එවැනි වනාන්තරයක් දෙකඩ කරමින් මාර්ගයක් ඉදි කිරීම හේතුවෙන් සිදු වන වනාන්තර කුට්‌ටිකරණය මේ සතුන්ගේ පැවැත්මට ඉතා ම අහිතකර ලෙස බලපෑ හැකි අතර ඒ මත පදනම් වූ සංචාරක කර්මාන්තයට එය අහිතකර ලෙස බලපෑ හැකි ය. මීට අමතර ව ලංකාවේ ඉතා ම දුර්ලභ ආවේණික පක්‌ෂි විශේෂ වන හිස සුදු මයිනා (White - faced Starling), බට ඇටිකුකුළා (Green - billed Coucal)" හිස අ`ඵ දෙමලිච්චා (Ashy - headed Laughingthrush) හා ලෙග් ගේ පිලිලගෙඩි සූටික්‌කා (Legge's Flowerpecker) මෙහි වාර්තා වේ. මීට අමතරව දුර්ලභ නේවාසික පක්‌ෂියකු වන දුම්කවුළුවා (Dollarbird) මේ වනාන්තරයෙන් වාර්තා වන තවත් සුවිශේෂී පක්‌ෂියෙකි. උභයජීවීන් ගෙන් ඉතා ම පොහොසත් වනාන්තරයක් වන මෙහි වාර්තා වන විශේෂ අතුරින් 75%ක් ලංකාවට ආවේණික වේ. කොටගම ගේ කුරු ගෙම්බා (Duttaphrynus kotagamai), දික්‌හොඹු ගස් මැඬියා (Taruga longinasus) වැනි ලංකාවට ආවේණික දුර්ලභ විශේෂ බොහොමයකට මේ වනාන්තරය නිවහන සලසයි.
ලංකාවේ ඉතා දුර්ලභ ආවේණික උරග විශේෂ වන මූකලන් තෙලිස්‌සා (Hypnalezara), කෙටිවල් මැඩිල්ලා (Aspidura drummondhayi), ර`ඵ අග කටුස්‌සා (Ceratophora aspera) ඇතු`ඵ ඉතා ම දුර්ලභ උරග විශේෂ රාශියකට රැකවරණය සලසන වනාන්තරයක් ලෙස ද මේ වන රක්‌ෂිතය හැඳින්විය හැකි ය.
මේ වනාන්තරය ඈත අතීතයේ රක්‌ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම හොඳින් තහවුරු වන්නේ අද වන විට එහි සිදු කර ඇති ජෛවවිවිධත්වය පිළිබඳ අධ්‍යයනවල දත්ත සම්පිණ්‌ඩනය කළ විට ය. මේ වනාන්තරයේ ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ වීමත් සමඟ ම සිදු විය යුතු වන්නේ එහි ආරක්‌ෂාව හා රැකවරණය තහවුරු කිරීම සඳහා සැලැසුම් සකස් කිරීම මිස එය වැනසීම සඳහා සැලැසුම් සකස් කිරීම නො වේ. එහෙත් අද වන විට සිදු ව ඇත්තේ මේ වනාන්තර පද්ධතිය ආරක්‌ෂා කිරීම සඳහා නො ව එය වැනසීම සඳහා වන රක්‌ෂිතය දෙකඩ කරමින් මාර්ග ඉදි කිරීම ය.
අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් හානිකර තීරණ ගැනීමට ප්‍රථමයෙන් පවතින නීතිරීති පිළිබඳව හා එම පරිසර පද්ධතිවල ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම් පිළිබඳ ව විශ්ලේෂණාත්මක ව විමසා බලන ලෙස ය.
2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්‌ෂණ ආඥා පනතේ 7 වැනි වගන්තියට අනුව වන රක්‌ෂිතයකට අනවසරින් ඇතු`ඵ වීම, රැඳී සිටීම, ගස් කැපීම, දැව ඉවත් කිරීම, පස් කැපීම, වනාන්තර එළි කිරිම, පාරක් තැනීම, දැනට තිබෙන පාරක් වෙනස් කිරීම තහනම් ක්‍රියාවන් තහනම් ය. මේ තහනම් ක්‍රියාවක් සඳහා වැරැදිකරුවකු වන පුද්ගලයකු අවුරුදු 5ක් නොඉක්‌මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දස දහසකට නො අඩු හා ලක්‌ෂයකට නො වැඩි දඩයකට සඳහා හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. තව ද එම සිදු කළ හානියට වන්දියක් ලෙස අධිකරණය මගින් නියම කරන දඩමුදල ද ගෙවිය යුතු ය. තව ද, මේ වරදක් සඳහා අධාර හෝ අනුබල දෙන හෝ එබදු වරදක් කිරීමට ඉඩ සලස්‌වන යම් තැනැත්තකු ද වරදකරුවකු වන අතර ඔහු ද, ඉහත දඩුවම්වලට යටත් විය යුතු ය.
එවන් නීතිමය තත්ත්වයක් පවතිද්දී රජයේ අමාත්‍යවරුන් දෙපළක් ම මේ රක්‌ෂිතය හරහා මාර්ගයක් ඉදි කිරීමට අධාර අනුබල දීම යනු නීති විරෝධී ක්‍රියාවකි. මේ හේතුවෙන් මාකන්දාව වන රක්‌ෂිතය දෙකඩ කරමින් හානිකර හා නීති විරෝධී ලෙස ඉදි කිරීමට සූදානම් වන මාර්ගය වහා ම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කරන මෙන් වගකිවයුත්තන් ගෙන් අවධාරණයෙන් යුතු ව ඉල්ලා සිටිමු.
සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ භාරය
මාකන්දාව රක්‌ෂිතය වනසමින් කිතුල්ගල සිට
වන රක්‌ෂිතය හරහා පල්ලෙබාගෙට මාර්ගයක් ඉදි කෙරේ
කිතුල්ගල, කැලණිවැලි රක්‌ෂිතයට අයත් මාකන්දාව රක්‌ෂිතය හරහා කිතුල්ගල සිට පල්ලෙබාගෙ දක්‌වා මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කර අවසන් කර තිබේ. දැව ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා තව දින කිහිපයකින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර දෙකකින් යුත් මේ මාර්ගය රක්‌ෂිත වනාන්තරයේ දිය පහරවල් හරහා පාලම් හා බෝක්‌කු 4කින් සමන්විත ව ඉදි කිරීමට රුපියල් ලක්‌ෂ 169ක මුදලක් මේ සඳහා ඇස්‌තමේන්තු කර තිබේ.![]() | ![]() |

Monday, August 27, 2012
Tuesday, August 21, 2012
දේශගුණ වෙනස් වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?
(උපටා ගැනීම - විදුසර විද්‍යා සගරාව 2012 අගෝස්තු 15 බදාදා)
ජගත් පරිසර විමසුම - 136
(ධනේෂ් විසුම්පෙරුම) දේශගුණ වෙනස් වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?
දේශගුණ වෙනස් වීම වැළැක්‌වීම පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ තීරුව ඔස්‌සේ විමසා බැලීමට අප සිතුවේ මෑත කාලයේ දී ඒ සම්බන්ධව වාර්තා වූ ඇතැම් පුවත්වල ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් ලෝකයේ බරපතළ ම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස් වීම සම්බන්ධව ඇතැම් රටවල ජනතාව ගේ හා දේශපාලන නායකත්වයේ අවධානය අඩු වී ඇති තත්ත්වයක් පැවතිය ද එහි වැඩි බලපෑමකට ලක් විය හැකි දියුණු වන රටක් ලෙස අප මේ පිළිබඳ ප්‍රවණතා ගැන අවධානය යොමු කළ යුතු වේ. ඒ ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳව වටහා ගැනීම සඳහා ය.
කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන ඉහළ මට්‌ටමක
2011 වර්ෂයේ දී ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය පෙර වර්ෂයට සාපේක්‌ෂව 3%කින් පමණ වර්ධනය වී ඇත. මේ වර්ධනය පසුගිය දශකයේ පැවැති සාමාන්‍ය වර්ධනය වන 2.7% ප්‍රමාණය ඉක්‌මවා තිබීම වැදගත් කරුණකි. එහෙත් මෑත කාලයේ වැඩි ම ප්‍රතිශත වර්ධනයක් පැවතියේ 2010 දී ය. ඒ ලෝක ආර්ථික අර්බුදයෙන් පසු නැවත යථා තත්ත්වයට පත් වන අතර දී ය.
ප්‍රමාණාත්මකව ටොන් බිලියන 34ක් වන මේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා දායකත්වය සපයා ඇති රටවල් හා ඒවායේ දායකත්වය මෙසේ ය. චීනය (29%), ඇමෙරිකාව (16%), යුරෝපා සංගමය (11%), ඉන්දියාව (6%), රුසියාව (5%) හා ජපානය (4%) මේ අතර ඉදිරියෙන් සිටින රටවල් වේ.
මේ අතර චීනයේ ඒක පුද්ගල කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය (වාර්ෂික) යුරෝපයේ මට්‌ටමට ආසන්න වී තිබේ. එය 2011 වර්ෂයේ දී 9%කින් වර්ධනය වූ අතර මේ වන විට ටොන් 7.2 මට්‌ටමේ පවතී. කාර්මික රටවල සාමාන්‍යය ටොන් 6ත් 19ත් අතර පවතී. යුරෝපා සංගමයේ එය ටොන් 7.5ක් පමණ වේ. එහි විශේෂත්වය වන්නේ යුරෝපා සංගමයේ මේ අගය ගිය වර්ෂයේ දී 3%කින් අඩු වී තිබීම ය. ඇමෙරිකාවේ මේ අගය ටොන් 17.3ක් පමණ වේ. මේ කරුණු හෙළි කර ඇත්තේ යුරෝපා කොමිසමට අයත් ආයතනයක් හා තවත් ආයතනයක් එක් ව පළ කර ඇති zජගත් කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රවණතාZ නම් වාර්ෂික වාර්තාවෙනි. (මූලාශ්‍රයTrends in global CO2 emissions,
http://edgar.jrc.ec.europa.eu/CO2REPORT2012.pdf&)
සෙල්සියස් අංශක දෙකේ සීමාව කේවල් කිරීම
මේ අතර පසුගිය සතියේ ඇමෙරිකාවේ ප්‍රධාන දේශගුණ සාකච්ඡාකරු වන ටොඩ් ස්‌ටර්න් පැවසූ කරුණක් සම්බන්ධව යුරෝපා සංගමය හා කුඩා දූපත් රාජ්‍ය එකමුතුව වෙතින් විරෝධය පළ වී තිබේ. ඔහු පවසන ආකාරයට මිහිතලය උණුසුම් වීම සෙල්සියස් අංශක දෙකකට අඩුවෙන් පවත්වාගත යුතු ය යන පිළිගත් ඉලක්‌කය නිසා දේශගුණ සාකච්ඡා අතරමඟ නැවතීමට හේතු විය හැකි ය. මේ නිසා දේශගුණ සාකච්ඡාවල දී දැඩි මතධාරී නො වී නම්‍යශීලී විය යුතු ය යන්න ඔහු පෙන්වා දී තිබේ. එහෙත් මේ අදහස දේශගුණ වෙනස් වීමට එරෙහි සටන ආරම්භ වීමට පළමුව ම අත්හැර දැමීමක් සේ දක්‌වා තිබේ.
මේ ඉලක්‌කය ඇමෙරිකාවේ විරෝධයට ලක් වූ පළමු අවස්‌ථාව මෙය නො වේ. මේ වන විට ලෝකය එකඟ වී ඇති උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස් අංශක දෙකේ සීමාවේ තබා ගැනීම, දේශගුණ වෙනස් වීමට විසඳුමක් සොයා ගැනීම පමා කිරීමේ උපක්‍රමයක් සේ දැක්‌විය හැකි ය. එසේ නො වුව හොත් දේශගුණ වෙනස් වීමේ බලපෑම් බරපතළ ඒවා විය හැකි බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාධක දැක්‌විය හැකි ය. 2010 දී පැවැති දේශගුණ සාකච්ඡාවල දී ලෝකය ම මේ ඉලක්‌කය පිළිබඳව තම එකඟතාව පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ ඉලක්‌කය පවා බරපතළ එකක් විය හැකි බව තවත් බොහෝ අධ්‍යයනවලින් යෝජනා කර තිබේ. ඒ අනුව සරලව පවසන්නේ නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම හැකි තරම් අඩු මට්‌ටමක තබා ගත යුතු බව පැහැදිලි ය.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ පිළිවෙත හමුවේ ඇතැම් පාර්ශ්ව ඇමෙරිකාවේ සහායට පැමිණිය හැකි බව අප අමතක නො කළ යුතු ය. මේ අතර වේගයෙන් කාර්මිකකරණය වන දියුණු වන රටවල් ද විය හැකි ය. එසේ වුව හොත් එය දේශගුණ සාකච්ඡාවල හරය හෙවත් වැදගත් ම ඉලක්‌කය නො සලකා හැරීමක් වනු ඇත.
ලෝකයේ අභියෝගය
මේ අනුව ලෝකය ඉදිරියේ ඇති අභියෝගය කවරේ දැයි ඉතා පැහැදිලි ය. ලෝකයේ ප්‍රධානතම හරිතාගාර වායුව වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ඉහළ යමින් තිබේ. ලෝකයේ උෂ්ණත්වය ද ඉහළ යමින් තිබේ. එහි බලපෑම් අපට මේ වන විටත් දැකිය හැකි ය. එහෙත් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඇතැම් රටවලට උනන්දුවක් නොමැති තරම් ය. ඒ සඳහා හේතු වී ඇත්තේ ආර්ථික වර්ධනය හා සම්බන්ධ දේශපාලනික කරුණු ය. මේ නිසා මේ අර්බුදයට විසඳුම් සෙවීම දිනෙන් දින පමා වෙමින් තිබේ. ලෝකයේ ඉදිරියේ අද දවසේ ඇති අභියෝගය වන්නේ ලෝකයේ ම සහාය ලබාගත් විසඳුමක් සෙවීම ය.
පරිසරයෙන් ඒජන්ට් ඔරේන්ඡ් 'ඉවත් කිරීම'
දශක කිහිපයකට පෙර පැවැති වියට්‌නාම් යුද්ධයේ දී ඇමෙරිකානු හමුදා විසින් ඒජන්ට් ඔරේන්ඡ් නම් කෘෂි රසායන ද්‍රව්‍යය භාවිත කිරීම ඇමෙරිකානුවන් විසින් සිදු කරන ලද මානුෂික නො වන ක්‍රියාවක් ලෙස ප්‍රකට කරුණකි. ඒජන්ට් ඔරේන්ඡ් යනු 2,4,5 ට්‍රයික්‌ලොරොෆීනොක්‌සිඇසිටික් අම්ල හා 2,4 ඩයික්‌ලෝරොෆීනොක්‌සිඇසිටික් අම්ල යන රසායනිකවල සම මිශ්‍රණයකි. ශාකවල පත්‍ර පතනය සඳහා හේතු වන මේ රසායන ද්‍රව්‍යය වියට්‌නාමයේ වනාන්තරවලට ගුවන් මගින් ඉසින ලද්දේ උතුරු වියට්‌නාමයේ සහාය ලද වියට්‌කොං ගරිල්ලා සේනා සැඟව සිටි වනාන්තර විනාශ කිරීම හා ආහාර සපයාගැනීම වැළැක්‌වීම සඳහා ය. එහෙත් අතිශයින් විෂ සහිත මේ රසායන ද්‍රව්‍යය ඉසීමෙන් විශාල පිරිසක් මිය ගිය අතර ගත වූ කාලය තුළ එහි හානිකර බලපෑම්වලට විශාල පිරිසක් ලක් ව තිබේ. මේ අතර යුද්ධය හා කිසිදු සම්බන්ධයක් නොමැති ළමයින් 150,000ක් පමණ පිරිසක් බරපතළ විකෘති තත්ත්ව සහිතව උපත ලබා තිබීම ඉතා කණගාටුදායක වේ.
මේ රසායන ද්‍රව්‍යයෙන් දූෂණයට ලක් ව ඇති ප්‍රදේශයක් පවිත්‍ර කිරීමට ඇමෙරිකානු අනුග්‍රහය ඇති ව ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ඒජන්ට් ඔරේන්ඡ් ගබඩා කර තැබූ දනෑංග් ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපළක මේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. රසායන ද්‍රව්‍යවලින් දූෂිතව ඇති පස් යාන්ත්‍රිකව ඉවත් කර අධික උෂ්ණත්වයකට ලක් කිරීමෙන් එහි ඇති ඩයොක්‌සින් විනාශ කිරීම මෙහි දී සිදු කිරීමට නියමිත ය. ඒජන්ට් ඔරේන්ඡ් ගබඩා කර තැබූ හා ඒ නිසා අධික ලෙස දූෂණයට ලක් වූ ස්‌ථාන ගණනාවක් වියට්‌නාමයේ පවතී. 1975 වර්ෂයේ දී යුද්ධය නිමා වීමෙන් පසුව මෙවැනි පවිත්‍රකරණයක් සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වී ඇත්තේ පළමු වරට ය.
මෙවැනි කාර්යයක් සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වීම පසුපස දේශපාලනය ද ඇති බව සත්‍යයකි. අසල්වැසි චීනය සමඟ ඇති ගැටලු හා ඇමෙරිකාව හා වියට්‌නාමය අතර මෑත කාලයේ වර්ධනය වූ සම්බන්ධතා මීට හේතු වී ඇති බවක් පෙනේ. මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීමෙන් බලපෑමට පත් ඇමෙරිකානු සෙබළුන්ට වන්දි ලබා දී ඇති ඇමෙරිකාව, විපතට පත් වියට්‌නාම වැසියන්ට වන්දි ලබා දීමට තවමත් ඉදිරිපත් නො වීම මීට සාධකයකි. වන්දි ඉල්ලා වියට්‌නාම වැසියන් ගොනු කළ නඩුවක් වසර කිහිපයකට පෙර නිශ්ප්‍රභ කරන ලදි. එහෙත් වන්දි ඉල්ලා සිදු කරනු ලබන ව්‍යාපාරය අඩාළ නො වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.
පුවත් සැකෙවින්
පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්
සාගරයේ වෙසෙන ජීවීන් ගේ මරණ ප්‍රමාණය ඉහළ යැම සඳහා පාරජම්බුල කිරණ වර්ගයක් (UVB) හේතු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මුහුදේ වෙසෙන ඇතැම් සත්ත්ව විශේෂ මෙන්ම ශාක විශේෂවල මරණ කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ යා හැකි ය. ඉන් වැඩි ම බලපෑමකට ලක් වන්නේ ප්‍රොටිස්‌ටාවන්, ඇල්ගී, කොරල් හා ක්‍රස්‌ටේසියානුවන් ය. එසේ ම මසුන් ගේ බිත්තර හා මුල් අවස්‌ථාව ද මේ කිරණවල බලපෑමට ලක් වීමට ඉඩ තිබේ.
මින් ඉහත දී සිදු කරන ලද අධ්‍යයන විමර්ශනය කිරීමෙන් හෙළි ව ඇති පරිදි මේ කාණ්‌ඩවල ජීවීන් ගේ ප්‍රමාණයේ අඩු වීම හා මේ කිරණ ඉහළ යැම සමගාමී වීම වේ. ඒ අනුව මෑත කාලයේ දී වාර්තා වී ඇති සාගර ජීවීන් ගේ අඩු වීමට බලපාන හේතුවක් ලෙස මෙය ද නම් කළ හැකි බව පෙන්වා දී තිබේ. ම මේ තත්ත්වය සාගර සමස්‌ත ආහාර ජාලයට ම බලපෑම් ඇති කරයි. නිදසුනක් ලෙස ඉහත කී කාණ්‌ඩවල ජීවීන් ගේ අඩු වීම ඒ මත යෑපෙන සත්ත්ව විශේෂවල ගහනය අඩුවීමට ද හේතු විය හැකි ය. නිදසුනක් ලෙස ඇල්ගා ජීවීන් සාගරයේ ප්‍රධාන ම ප්‍රාථමික නිෂ්පාදකයන් ය. පාරජම්බුල කිරණවලින් සාගර ජීවීන්ට සිදු විය හැකි බලපෑම් පිළිබඳව මෙවැනි අධ්‍යයන මෙතෙක් කලක් සිදු කර නො තිබිණි. (මූලාශ්‍රයGlobal Ecology andBiogeography, DOI: 10.1111/j.1466-8238.2012.00784.x&)
කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි
කුඩා සුළං ටර්බයින නිසා වවුලන් ගේ ගහනවල ප්‍රමාණය අඩකින් පමණ අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. එවැනි ස්‌ථාන විස්‌සක් පමණ ප්‍රමාණයක සිදු කර ඇති මේ අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇති පරිදි වවුල් ගහනය 54% දක්‌වා වූ ප්‍රමාණවලින් අඩු වීමට එය බලපෑ හැකි ය. එහෙත් පක්‌ෂි ගහනවලට ඉන් බලපෑමක් වී නොමැත.
පරිසර හිතකාමී බලශක්‌ති ප්‍රභවයක් ලෙස සුළං බලයෙන් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ලබා දෙන සහන ව්‍යාපෘති නිසා ගොවිපොළ හා ගෘහාශ්‍රිතව මෙවැනි ටර්බයින බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. එහෙත් වනජීවීන්ට හානියක් නො වී පිරිසිදු බලශක්‌තිය ද ලබා ගැනීමට නම්, වවුල් වාසස්‌ථානවල සිට මීටර් 20ක දුරක් ඇතුළත කුඩා සුළං ටර්බයින ස්‌ථාපිත නො කළ යුතු බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ අනුව මේවා ස්‌ථාපනය කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පැහැදිලි ය. (මූලාශ්‍රයPLoS ONE, DOI:10.1371/journal.pone.0041177)
වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන
නිව්යෝර්ක් නගරය පාදක කරගත් රාජ්‍ය නො වන සංවිධානයක් මඟින් ලෝකයේ වඩාත් දූෂණයට ලක් ව ඇති ස්‌ථාන දහයක් නම් කර තිබේ. මේ ලේඛනයකට අනුව ඉන් මුල් දහය අතරට වැටෙන ස්‌ථාන තුනක් ඉන්දියාවේ ද, දෙකක් චීනයේ ද පිහිටා ඇත.
මේ ස්‌ථාන අතරින් සමහරක් ලෝකයේ බරපතළ දූෂණයක් පැවැති ස්‌ථාන වේ. නිදසුනක් ලෙස බෝපාල් හා චර්නොබිල් දැක්‌විය හැකි ය.
උක්‌ත ආයතනය මෙවැනි ස්‌ථාන පිළිබඳව කරුණු සොයා බලන අතර, ලෝකයේ ඇති මෙවැනි ස්‌ථානවල පවත්නා පරිසර දූෂණය නිසා බලපෑමට ලක් ව ඇති පිරිස ඉතා විශාල ය.
වියට්‌නාම වැසියන් ගේ විමුක්‌ති අරගලය ඒජන්ට් ඔරේන්ඡ් මඟින් නවතාලිය නොහැකි වූ බව මෙහි දී සිහිපත් කළ යුතු ම ය. එය නිමා වූයේ ඇමෙරිකාව හා එහි සහාය ලැබූ දකුණු වියට්‌නාම රජය පරදා ලද ජයග්‍රහණයෙනි. (source VIDUSARA Science Magazine Sri Lanka )
Monday, August 13, 2012
Right to Land.
Irudeniyaya Farmers collaborative meeting
Irudeniyaya Farmers collaborative meeting at Valagambapura society hall
Organized by VIMUKTHI farmer organization. and Praja Sansadaya.
10/09/2012
Participants.
* VIMUKTHI farmer organization leaders and members
*Kattanberiya yaya farmer leaders.
*Irudaniyaya farmer leaders.
*Pothuwil yaya farmer leaders.
*Babaragala yaya farmer leaders.
*Mahapitiya yaya farmer leaders
*Leaders of Praja sansadaya
*NAFSO and Praja abilasha network members
All together more than 60 farmers and women participated
Objective of the meeting
01. To identify the present situation of the Issues which they work out
*Struggle for getting ownership of the land.
*To bring the elephant human coexistence
02. Farmers have gone to the court case to get their land rights. Find out the situation.
03. To plan out advocacy campaign for main two issues.
Discussion summary
*We lost our hope because we have met political leaders and authorities many times but we did not get positive actions from them.
*They critically analyze the present political situation.
-We vote this government .So we have right challenge them to get our rights.
- Most of the ministers and parliamentary leaders promised to solve our problems but they said to the administrative follow the rules .That mains they have two faces.
- They give more attentions for their benefits. So we have to give up day by day our area.
- We lost the justice from the judiciary.
*They felt lack of empowerment of the farmers.
- We have more than 3000 farmer families but when we work for our right only few joint for the process.
-Unity of the farmers were very limited
-Secondary leadership was not come out
-We did many activities but we did not have on going process for the campaign.
Decision for the advocacy campaign
- Conduct the framer organizations leaders meeting for the plan out and finalize the campaign process within a week.[ Responsibility –Vimukthi farmer leaders, Bandara,and Aberathna with Praja sansadaya ]
-To meet Ministry of wild life Mr.Chandrasekara personally in his house.[Respo- Mr Bandara ]
-To get the appointment to meet President Mahinda Rajapaksha
-To continue the court case and plan to get financial support from the CSO
-Continue dialogue with authorities.
-Start the pocket meting in each village in next month.
- Plan national level protest in Colombo.
They ask support from the NAFSO and PRAJAABILASHA. Laksiri Fernando and Priyankra costa participate that meeting
Tuesday, August 7, 2012
Tuesday, July 10, 2012
ඊඩිස් ද? අපි ද?
කිසිදු විවාදයකින් තොර ව වත්මන් ශ්‍රී ලංකාවේ වැඩි ම මහජන අවධානයක් දිනාගත් සෞඛ්‍ය ප්‍රශ්නය ලෙස ඩෙංගිs හඳුන්වා දිය හැකි ය. ඒ පිළිබඳ උනන්දුව රටපුරා උපරිමව ඇවිලී තිබුණ ද ඩෙංගි මාරයාට ගොදුරු ව අකාලයේ මිලින වන මිනිස් ජීවිත පිළිබඳව දිනෙන් හද කකියවන පුවත් රටේ සිව් කොනින් අසන්නට ලැබේ. කෙතෙක් කළත් මෙපමණකැයි කියා අත පිස දා ගත නොහැකි මේ බරපතළ අභියෝගයට මුහුණ දීමේ වගකීම අප සියලු දෙනා කරපිට පැටවී ඇත.
රජය, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය රොක් වී දියත් කරන විවිධ ක්‍රියාන්විතයන් නිසා ඩෙංගි මාරයාට අප සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ඇතැම් පාර්ශ්ව පවසයි. එහෙත් රෝගීන් හා මරණ ඉලක්‌කම් පෙන්වන තවත් පාර්ශ්ව තර්ක කරන්නේ මර්දන කටයුතුවල හිඩැස් ඇති බව ය. ඩෙංගි තර්ජනයට එරෙහි ව සියලු පාර්ශ්ව තුමන හෝ දායකත්වයක් එක් කරන බව නම් අපට අවිවාදිතව පිළිගැනීමට සිදු වේ. එසේ නම් තවමත් ඩෙංගි "නොකවුට්" කිරීමට අප අපොහොසත් වී ඇත්තේ ඇයි?
ඩෙංගි අප රට තුළ හිස එසවූ ආකාරය
මේ වන විට ලොව රටවල් 100ක් පමණ ඩෙංගු ආක්‍රමණයට ගොදුරු ව ඇත. වසරකට ලොව පුරා ඩෙංගි රෝගීන් මිලියන 50ක් පමණ වාර්තා වන බව ද මරණ 22000ක් පමණ සිදු වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයයි. මේ අගයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අප වටහා ගත යුතු ය.
අප රටේ පළමු වරට ඩෙංගි රෝගියකු වාර්තා වන්නේ 1962 වසරේ දී ය. එතැන් පටන් කෙමෙන් හිස එසවූ ඩෙංගි 2000 වසරේ පමණ බටන් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස මතු විය. ඉනික්‌බිති සැම වසරක ම අවම වශයෙන් රෝගීන් 5000ක් වත් වාර්තා වන්නට විය. 2002, 2004, 2006 හා 2009 බිහිසුණු ඩෙංගි වසංගත තත්ත්ව වාර්තා විය. ඒ ඒ වසරවල වාර්තා වූ ඩෙංගි රෝගීන් හා මරණ සංඛ්‍යාවන් පහත වගුවේ දැක්‌වේ. මෙයින් 2009 වසර ඉතිහාසගත වන්නේ ඩෙංගි නිසා වැඩි ම හානියක් සිදු වන වර්ෂය ලෙසිනි. එම වසර තුළ දී 35000ක් පමණ රෝaගයට ගොදුරු වෙද්දී වටිනා ජීවීත 346ක් ඩෙංගි මාරයාට බිලි විය. 2011 වසරේ දී රෝගීන් 28000ක් පමණ හා මරණ 185ක් අසන්නට ලැබිණ.
ඩෙංගි රෝගය පසුගිය දශකය මුළුල්ලේ ක්‍රමයෙන් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස අප රට තුළ ව්‍යාප්ත වී ඇති බව දැන් පැහැදිලි ය. වසර 2-3කට වරක් වසංගත තත්ත්වයක් ලෙස ඉස්‌මතු වූ ඩෙංගි ඒ අතරතුර කාලයේ ද නො නිදා සිටි බව වගුවෙන් පැහැදිලි වේ. 2012 දී යළිත් ඩෙංගි රකුසා බිහිසුණු ලෙස අවදි විය හැකි බවට පෙරනිමිති පහළ ව ඇත. මේ වන විට වසර තුළ රෝගීන් 12454ක් ද, මරණ 75ක් ද වාර්තා වී ඇත. පසුගිය වසර කිහිපය තුළ දක්‌නට ලැබුණු රෝග ව්‍යාප්ති රටාව අනුව දැනට තත්ත්වය මෙය නම් ඉදිරි මාස කිහිපය තුළ රෝගීන් ගේ විශාල ඉහළ යැමක් අපේක්‌ෂා කළ හැකි ය. මැයි මාසය තුළ ඩෙංගි සතියක් ප්‍රකාශයට පත් කළ බලධාරීහු යළිත් ඩෙංගි වෙනුවෙන් මාසයක් ම කැප කිරීමට යති. සෞඛ්‍ය සේවය මත පමණක් නො යෑපී සමාජයේ සියලු ස්‌තරයන් යුහුසුලුව ක්‍රියාත්මක නො වුණ හොත් 2009ටත් වඩා ශෝචනීය තත්ත්වයක් උදා වීම වැළැක්‌විය නොහැකි වනු ඇත.
වෙස් මාරු කළ ඩෙංගි රකුසා
ඩෙංගි පිළිබඳව අප මෙතෙක් දැන සිටි බොහෝ දැ වෙනස් වෙමින් යන බව ප්‍රත්‍යක්‌ෂ ය. ඩෙංගි රෝගයේ ව්‍යාප්තිය මෙන්ම වාහක මදුරුවා ගේ ගති ස්‌වභාවයන් ද පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන වෙනස්‌කම්වලට ලක් වූ බව වසංගත රෝග විද්‍යාඥයන් ගේ මතයයි.
භූගෝලීය ව්‍යාප්තිය
කොළඹ, ගම්පහ, කළුතර, නුවර යන දිස්‌ත්‍රික්‌ක දැනට ඩෙංගි ග්‍රහණයට තදින් ගොදුරු ව ඇත. එහෙත් මේ වන විට ඩෙංගි අවදානමෙන් තොර යෑයි දැක්‌විය හැකි ප්‍රදේශයක් නැති තරම් ය. මෙතෙක් ඩෙංගි පිළිබඳව අසන්නට නො ලැබුණු නුවරඑළිය, බදුල්ල, මාතලේ ආදී දිස්‌ත්‍රික්‌කවලින් පවා දැන් දැන් රෝගීන් වාර්තා වේ. 2004 වසංගත අවස්‌ථාවේ දී රෝගීන් 100කට වඩා වාර්තා වූ දිස්‌ත්‍රික්‌ක 7ක් තිබූ අතර 2007 දී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 21ක ම රෝගී ගණන 100 ඉක්‌මවී ය. මෑත කාලීන සීමා මායිම් බිඳ ලමින් මුළු ලංකාව ම ඩෙංගි මාරයා ගේ සෙවනැල්ලට ගොදුරු වූ ඇයුරු මෙයින් පැහැදිලි වේ. දැන් ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 26න් ම රෝගීන් වාර්තා වේ. ඩෙංගි යනු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වන රෝගයක් ලෙස සිතා සිටිය ද ඈත ග්‍රාමීය ප්‍රදේශවලින් පවා දැන් දැන් රෝගීන් වාර්තා වේ. මදුරු ව්‍යාප්තිය පුළුල් වීමට දේශගුණික වෙනස්‌කම් හේතුවක් වී ඇති බව ද පැහැදිලි ය. ගෝලීය උණුසුම් වීම කෙරෙහි මෙහි වගකීම පැටවීම සාධාරණ ය.
රෝගයට ගොදුරු වන වයස් සීමාව
ඩෙංගි කී පමණින් අපට සිහිපත් වන්නේ දරුවන් ය. එහෙත් මේ වන විට රෝගයට ගොදුරු විය හැකි අවදානම් වයස් සීමාවන් වෙනස් වී ඇත. 1996 වසරේ 60%ක් රෝගීන් අවුරුදු 15ට වැඩි අය ලෙස වර්තා වුව ද 2007 වන විට තත්ත්වය වෙනස් වූයේ 60%ක් රෝගීන් අවුරුදු 16ට වැඩි අය ලෙස වාර්තා වූ බැවිනි. ලංකාවේ ඩෙංගි රෝගීන් දෙස බලන විට බහුතරයක් අවුරුදු 5-9 අතර හා 20-24 අතර වයස්‌වල පසු වන අය බව පෙනේ. ඉතා කුඩා වයසේ දී, මහලු වියේ දී, ගර්භණී සමයේ දී, වෙනත් දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන විට රෝගයට ගොදුරු වීම, රක්‌තපාතය, කම්පනය වැනි බරපතළ තත්ත්වවලට යැමට වැඩි අවදානමක් සහිත වේ.
රෝගය ව්‍යාප්ත වන කාල සීමාව
පසුගිය වසර කිහිපය පුරා ම ඩෙංගි හිස එසවූයේ මෝසම් වැසි සමයන් සමඟිනි. නිරිතදිග මෝසමත් සමග මැයි-ජූලි වකවානුවේ ඩෙංගි ප්‍රබල ලෙස මතු වන්නට පටන් ගනී. තව ද ඊසානදිග මෝසමත් සමග ඔක්‌තේබර්-දෙසැම්බර් සමය තුළ යළිත් හිස ඔසවන බව නිරීක්‌ෂණය කළ හැකි ය. අදාළ කාල සීමාවන් තුළ වැඩි අවධානයක් යොමු කළ යුතු වුව ද මෙහි දී මේ ආකාරයෙන් වසරේ යම් යම් කාලවලට සීමා කර තැබීම නුවණට හුරු නැති බව වසංගත රෝග විද්‍යාඥයන් ගේ මතයයි. ඒ දැන් වසර පුරාවට ම ඩෙංගි රෝගෘSන් වාර්තා වන ස්‌වභාවයක් දක්‌නට ලැබෙන බැවිනි. එයින් උගත යුතු පාඩම ඩෙංගි සතියට හෝ මාසයට හෝ සීමා නො වී රෝග මර්දන කටයුතු පිළිබඳව වසර මුළුල්ලේ ම අවදියෙන් සිටිය යුතු බවයි.
2011 දත්ත විමසන විට පෙනී යන්නේ ජනවාරී හැරුණු කල (933) වර්ෂයේ අනෙක් සැම මාසයක ම ඩෙංගි රෝගීන් ගණන 1000 ඉක්‌මවා තිබූ බවයි. වැඩි ම රෝගීන් ගණනක් වාර්තා වී තිබුණේ ජූලි (4817) හා දෙසැම්බර් (4463) මාසවලිනි.
ඩෙංගි වයිරසයේ ඇති වූ වෙනස්‌කම්
ඩෙංගි රෝගය සෑදීම, එය රක්‌තපාත තත්ත්වය (Dengue Haemmaragic fever) දක්‌වා උත්සන්න වීම, කම්පනයට (Shock) ලක් වී මිය යැම සිදු වූ ස්‌වරූපය පසුගිය වසර කිහිපය තුළ දී විපර්යාසයන්ට ලක් වූ බව පෙනෙන්නට තිබිණ. විශේෂයෙන් ම ඩෙංගි ආසාදනයන්ට ලක් වූ රෝගීන් ඩෙංගි උණ තත්ත්වයේ සිට (පූර්ව ලකුණු නො පෙන්වා) එකවර ඩෙංගි රක්‌තපාත තත්ත්වයට හා ඩෙංගි කම්පනයට ගමන් කිරීම දැකගත හැකි ය. මෙබඳු අවස්‌ථාවල වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පවා අසරණ වූ අතර මරණ සංඛ්‍යාව ඉහළ යැමට ද එය හේතුවක් විය. ඩෙංගි පිළිබඳව අප එතෙක් දැන සිටි සායනික (Clinica) දැනුම වෙනස් ව ඇති බව පැහැදිලි ය. ඩෙංගි වයිරසයේ ඇති වෙනස්‌කම් නම් මේ තත්ත්වයට වගකිය යුතු ව ඇතැයි වෛද්‍යවරු මත පළ කරති. වයිරසය ජානමය විපර්යාසයන්ට ලක් වීම මීට ආසන්න ම හේතුව වශයෙන් දැක්‌විය හැකි ය.
වාහක මදුරුවා ගේ ඇති වූ වෙනස්‌කම්
ඩෙංගි වාහක මදුරුවා ගේ හැසිරීම හා ජීවන චක්‍රය ද කැපී පෙනෙන වෙනස්‌කම්වලට ලක් වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට රෝගයේ භූගෝලීය ව්‍යාප්තිය කෙරෙහි මෙය හේතු වී ඇත. මදුරු මර්දනය සඳහා අවිචාරවත් ලෙස රසායනික ක්‍රම භාවිතය නිසා අදාළ රසායනිකයන්ට මදුරුවන් අනුවර්තනය වෙමින් ඇත. බිත්තර හරහා ඊළඟ පරම්පරාවන්ට ඩෙංගි වයිරසය සම්ප්‍රේෂණය වන බව දැන් අනාවරණය වී ඇත.
ඩෙංගි රෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේ ද යන්න අද කාගේත් මුවග රැඳී ඇති පැනයයි. සෞඛ්‍ය බලධාරීන් ගෙයින් ගෙට ගොස් පරීක්‌ෂා කර මදුරු කීටයන් බෝ විය හැකි ස්‌ථාන සොයාගත් පමණින්, කාටත් පෙනෙන්නට දුම් ගැසූ පමණින් හෝ BTI ආශ්චර්ය භාවිත කළ පමණින් රට පුරා හිස ඔසවන ඩෙංගි උවදුර මැඬලිය හැකි ද? ඩෙංගි ක්‍රියාන්විතයේ මූලික විෂය පථය මෙසේ ලඝූ කොට දැක්‌විය හැකි ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට නම් ඉහත කී මර්දන ක්‍රම සියල්ල අවස්‌ථාවෝචිත ලෙස සංකලනයක් ලෙස ක්‍රියා කළ යුතු බවයි. එසේ ම ප්‍රදේශයේ භූගෝලීය හා දේශගුණික තත්ත්වය, මදුරු ගහණය හා රෝගීන් සංඛ්‍යාව ආදී සාධක ද සලකා බැලිය යුතු වේ. එසේ ම ප්‍රායෝගික පහසුව හා වියදම ද සැලකිල්ලට ගත යුතු ය. කුමන ප්‍ර්‍රදේශවල කවර මර්දන ක්‍රම භාවිත කළ යුත්තේ ද යන්න නිර්ණය කිරීම සෞඛ්‍ය බලධාරීන් ගේ කාර්යයභාරයයි. මෙහි දී කීට විද්‍යාඥයන් ගේ සහාය ද ඉතා වැදගත් වේ. දේශපාලන නායකයන් ගේ හා සිවිල් සමාජයේ සහාය ද සැලකිල්ලට ගත යුතු ය. එහෙත් ඇතැම් විටක මේ පාර්ශවවලින් විද්‍යාත්මකව එතරම් ඵලදායි නැතැයි තහවුරු වූ මර්දන ක්‍රම (ධූමායනය වැනි) කෙරෙහි වැඩි ඉල්ලුමක් ලැබේ. එවිට විද්‍යාත්මකව තහවුරු වී ඇති මර්දන ක්‍රම තෝරාගත යුතු ය.
ඩෙංගි මදුරුවා ගේ ජීවන චක්‍රය විමසන විට පැහැදිලි වන්නේ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන විනාශ කිරීම වඩාත් සාර්ථක මර්දන ක්‍රමය බව ය. එබැවින් ඩෙංගි මර්දනයේ දී මේ කරුණ සම්බන්ධයෙන් නිතිපතා නැවත නැවත අවධානය යොමු කළ යුතු ය.
නාගරික ප්‍රදේශ හා ග්‍රාමීය ප්‍රදේශ සලකන විට සුලබ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන වෙනස් වන බව හඳුනාගත හැකි ය. නාගරික ප්‍රදේශවල ප්ලාස්‌ටික් කප්, ඉවත ලන ටින්, බෝතල් දක්‌නට ලැබේ. ග්‍රාමීය ප්‍රදේශවල පොල් කටු, ගස් බෙන, ජලය රැඳෙන පත්‍ර සහිත ශාක (නාගරික නිවාසවල ද මෙබඳු විසිතුරු ශාක ඇත) හා ජලය එකතු විය හැකි බිම වැටුණු ශාක පත්‍ර ආදිය ඩෙංගි මදුරුවා බිජු ලන ස්‌ථාන විය හැකි ය. නාගරික ප්‍රදේශවල කසළ බැහැර කරන ස්‌ථාන, ගොඩනැ`ගිලි ඉදි කිරීම් පරිශ්‍රයන් හා සුසාන භූමි, (ජලය එක් රැස් වන ලෙස තනනු සොහොන් කොත්) ඩෙංගි මදුරුවන්ට බිජු දැමිය හැකි සරු ස්‌ථාන වේ. මේ ස්‌ථාන කෙරේ මහජනතාව ගේ පෞද්ගලික අවධානය යොමු විය යුතු ය. තව ද නිවාසවල ශීතකරණ පිටුපස, කාර්යාලවල වායුසමන යන්ත්‍ර පිටුපස, ජලය රැඳෙන ස්‌ථාන රැසක් ඇසට සැ`ගවී තිබිය හැකි ස්‌ථාන වේ. එසේ ම නිවාසවල හා ගොඩනැඟිලිවල වැහි පීලී ද (බොහෝ විට ශාක පත්‍ර වැටී ඒවා සිර වූ විට) නිතර පිරිසිදු කළ යුතු ය.
BTI (Bacillus thuringiensis israelensis) බැක්‌ටීරීයාව භාවිත කර පහසුවෙන් ඩෙංගි මාරයා අතු ගා දැමිය හැකි ද යන්න ගැන පසුගිය දා විශාල මහජන අවධානයක් යොමු ව තිබිණි. එය එක් එක් රටක සාර්ථක වූ පමණින් වෙනත් රටක සාර්ථක ප්‍රකිඵල පෙන්වනු ඇතැයි බලපාපොරොත්තු විය නොහැකි ය. ලංකාවේ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන කවරේ දැයි විමසන කල පෙනී යන්නේ ජලය එක්‌රැස් විය හැකි ඉවත දැමූ භාජන ඉන් ප්‍රමුඛතාවක් ගන්නා බවයි. ඉදින් මේ එකින් එකට BTI දැමීම ප්‍රායෝගිකව කළ නොහැක්‌කකි. පොල් කෝම්බ, යෝගට් කෝප්ප එකින් එක ගෙන BTI (දියරය) වත් කිරීමට දරන මහන්සියෙන් ඉතා පහසුවෙන් ඒවා ඉවත් කළ හැකි නො වේ ද? එහෙත් ඉතා කාර්යක්‌ෂ්ම ජෛව විද්‍යාත්මක කීට මර්දන ක්‍රමවේදයක් වන BTIවල සීමාවන් හා භාවිතයන් පිළිබඳ නිසි දැනුම මහජනතාවට ලබා දිය යුතු වේ.
අධි වසංගත තත්ත්ව මතු ව ඇති ප්‍රදේශවල ඒ වන විට සිටින වැඩිහිටි මදුරුවන් ගහණය පාලනය කිරීමට ධූමායනය (Fogging) ප්‍රයෝජනවත් වේ. එහෙත් එය දිගින් දිගට ම කිරීම උචිත නො වේ. දුම් ගැසීමෙන් එක් වරක් වැඩිහිටි මදුරු පරම්පරාවවිනාශ කළ ද කීටයන් ඉතිරි වන බැවින් සතියක් ඇතුළත කීටයන් ගෙන් තවත් පරම්පරාවක් බෝ වීම සිදු වේ. සීමීත වශයෙන් යොදාගත යුතු මර්දන ක්‍රමයක් වූ ධූමායනය සිදු කළ ද මදුරු කීටයන් බෝ වන ස්‌ථාන වැනසීම දිගට ම ඉහළ ප්‍රමුඛතාවකින් සිදු විය යුතු ය. මේ නිසා දුම් ගැසූ පමණින් ඔක්‌කොම හරි යෑයි සිතා නිවාස අවට පිරිසිදු කිරීම අතපසු කළ හොත් තත්ත්වය නරක අතට හැරිය හැකි ය. (මීට අමතරව ඇදුම රෝගීන් ඇති පරිසරයක එම රෝගය උත්සන්න වීමට ද ධූමායනය බලපෑ හැකි ය).
මේ සියලු මර්දන කටයුතු සාර්ථක වීමට නම් රෝගය මතු වන ස්‌ථාන හා ව්‍යාප්ත වන රටාව හැකි තරම් ඉක්‌මනින් හඳුනාගැනීමට (Suveillance) ශක්‌තිමත් ක්‍රමවේදයක් තිබීම වැදගත් වේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා වංසගත රෝග විද්‍යා ඒකකය (pidemiology unit) මෙහෙයවීමෙන් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. බෝ වන රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමට යොදා ඇති සාමාන්‍ය ක්‍රමයට අමතරව ඩෙංගි රෝගීන් රෝහල් වෙත වාර්තා වූ ක්‍ෂණයකින් ඔවුන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙත හා වසංගත රෝග විද්‍යා අංශය වෙත දැනුම් දීමට විධිමත් ක්‍රමවේදයක් ස්‌ථාපනය කර ඇත. එමඟින් අදාළ ප්‍රදේශවල මර්දන වැඩසටහන වහා ඇරඹීමට උපදෙස් සැපයේ. එමඟින් යම් ස්‌ථානයකින් රෝගීන් වැඩිපුර වාර්තා වන්නට වූ විගස ඒ කෙරෙහි යොමු වී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අවකාශ සැලකේ.
එහෙත් පෞද්ගලික අංශයේ සෞඛ්‍ය ආයතනවලින් හා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගන්නා ඩෙංගි රෝගීන් පිළිබඳ දත්ත මේ ක්‍රියාවලිය වෙත ලැබීමේ යම් ඌනතාවක් පැවතීම රෝග මර්දන කටයුතු විධිමත් කිරීමට බාධාවක් වී තිබේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මදුරු කීට ගහණ පිළිබඳ නිරීක්‍ෂණයක් (Entemolgical Suveillance) කොට නොබෝ කලකින් එහි ඩෙංගි හිස ඔසවන බවට පූර්ව නිගමනයක් කළ හැකි ය. සැබැවින් ම රෝගීන් වාර්තා වන තෙක් කල් නො මරා මේ ආකාරයෙන් පෙරැයීම් කිරීමට හැකි නම් කල් තියා මර්දන කටයුතු ක්‍රියාත්මක කර එම ප්‍රදේශයේ රෝගය සාර්ථකව පාලනය කළ හැකි ය. (රෝගීන් වාර්තා වන්නට පටන් ගන්නේ යම් ප්‍රදේශයක ආසාදිත මදුරු ගහණය ස්‌ථාපිත වූ පසු ව ය.) එබැවින් මේ කීට දත්ත රෝග මර්දන කටයුතු කාර්යක්‌ෂ්ම කිරීම සඳහා ඵලදායි ලෙස භාවිතයට ගත යුතු ය. එහෙත් ඒ සඳහා අවැසි සම්පත් හා දැනුම හිඟකම දැනට ගැටලුවක් ව පවතී.
ඩෙංගි මර්දන කටයුතු සාර්ථකව දියත් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සපයා දී ඇත්තේ 2007 අංක 11 දරන මදුරු මර්දන පනතිනි. මදුරු කීටයන් බෝ විය හැකි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහි ව ඉතා දැඩි පියවර ගත හැකි ශක්‌තිමත් නීතිමය පියවර එහි අඩංගු ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මඟින් මේ විධිවිධාන ක්‍රියාත්මක වේ. දේශපාලන බලපෑම්වලින් තොර ව, තරාතිරම නො බලා මේ නීති බලාත්මක කිරීම ඩෙංගි මදුරුවාට එරෙහි සටන ශක්‌තිමත් කිරීමට විශාල පිටටිවහලක් වනු ඇත.
එහෙත් කොළඹ, ගම්පහ, කළුතර දිස්‌ත්‍රික්‌වල තත්ත්වය මැඬලීම තවමත් උභකෝටිකයක් ව ඇත. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව නිසි පරිදි කැළිකසළ කළමනාකරණය නො කිරීම, නාගරික ජීවන රටාව හා සබැඳි ප්ලාස්‌ටික් බඳුන් හා ටින් මෙන්ම අදාළ ප්‍රදේශවල අධික ජන ඝනත්වය ද අභියෝගයක් ව ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය, රෝගීන් වාර්තා වූ ප්‍රදේශ අනුව ඩෙංගි සඳහා අධි අවදානම් දිස්‌ත්‍රික්‌ක හා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ හඳුනාගෙන ඇත. එම ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය ඉලක්‌කගත විය යුතු ය. 2012 වසර තුළ මේ දක්‌වා රෝගීන් ගෙන් ද, මරණවලින් ද බහුතරය වාර්තා වන්නේ බස්‌නාහිර පළාතෙන් බව අප සැලකිල්ලට ගත යුතු ය.
ඉහත පැහැදිලි කළ ආකාරයට ඩෙංගි රෝගය වඩා රුදුරු වෙස් ගෙන තිබීම හා අනපේක්‍ෂිත ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වීම ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන්ට අභියෝගයක් ව ඇත. මේ තත්ත්වය තේරුම් ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය ඩෙංගි රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ මාර්ගෝපදේශන (Clinical Guidelines) මාලාවක් ප්‍රකාශයට පත් කළේ ය. ඩෙංගි මරණ ගණනාවක් විශේෂඥ මඬුල්ලක් විසින් තොරතුරු එක්‌රැස් කර ගැනීමෙන් අධ්‍යයනයට ලක් කර පිළියෙල කෙරුණු මේ මාර්ගෝපදේශන මාලාව දැනට බොහොමයක් රජයේ හා පෞද්ගලික රෝහල්වල ඩෙංගි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී භාවිතයට ගන්නා අතර සියලු ම සෞඛ්‍ය ආයතන මීට අනුගත විය යුතු ය.
කලින් සිතා සිටි ආකාරයේ ඩෙංගි උණ සැදී, රක්‌තපාත තත්ත්වය ඇති වී අනුක්‍රමයෙන් කම්පනයට ලක් වීම වෙනුවට ඩෙංගි උණ එකවර කම්පන අවස්‌ථාවට පත් විය හැකි ය යන්න ප්‍රතිකාර කිරීමේ දී සැලකිල්ලට ගත යුතු ය.
එසේ ම ඩෙංගි රෝගියකු අසාධ්‍ය තත්ත්වයට පත් වීම හඳුනාගත හැකි මූලික ලක්‍ෂණ, කළ යුතු පරීක්‍ෂා එහි අන්තර්ගත ය. ප්‍රතිකාර සම්බන්ධයෙන් සුවිශේෂී ම වෙනස්‌කම සිදු වූයේ රෝගීන්ට ශිරාගත දියර (IV fluids) හෙවත් පොදු වහරේ හැඳින්වෙන පරිදි සේලයින් ලබා දීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි මාර්ගෝපදේශන හඳුන්වා දීම ය. අද වන විට ඩෙංගි රක්‌තපාත තත්ත්වය ඉක්‌මනින් හඳුනාගන්නා බවත්, ඔවුන් ඉක්‌මනින් රෝහල් ප්‍රතිකාර කරා යොමු වන බවත් නිරීක්‍ෂණය කළ හැකි ය. පසුගිය වසරවල ඇතැම් රෝගීන් රෝහල් කරා රැගෙන අවේ අශ්වයා පැන ගිය පසු ය. එනම් කම්පන තත්ත්වයට ලක් වීමෙන් අනතුරු ව ය.
ඩෙංගි මර්දනයේ පෙරමුණ ගත යුත්තේ කවුද? එහි සම්බන්ධීකරණය සිදු කළ යුත්තේ කවුරුන් ද? මේ සම්බන්ධව පසුගිය කාලය පුරා ම විවිධ පර්ශ්ව අතර යම් යම් කඹ ඇදීම් සිදු වූ බව රහසක් නො වේ. ජාතික තලයේ මෙන්ම ප්‍රාදේශීය මට්‌ටමින් ද මෙය දක්‌නට ලැබිණ. ඩෙංගි මර්දන කටයුතු දියත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට තනි ව ඉසිලිය හැකි බරක් නො වන හෙයින් අනෙකුත් විෂයයන් ද සම්බන්ධීකරණය කරමින් ඊට ඉහළින් පිහිටි ආයතනයක් ලෙස ඩෙංගි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය 2010 දී පිහිටුවිණි. එහි අරමුණක් වූයේ සියලු ම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන ඩෙංගිවලට එරෙහි පොදු ඉලක්‌කයක් වෙනුවෙන් පෙළගැස්‌වීම ය. මෙහි දී එක් එක් පාර්ශ්ව අතර මනා සම්බන්ධීකරණය ඉතා වැදගත් සාධකයකි.
දිස්‌ත්‍රික් මට්‌ටමින් ද දිස්‌ත්‍රික් ලේකම්, දිස්‌ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ගේ ප්‍රමුඛත්වයෙන් අනෙකුත් අංශවල සම මට්‌ටමේ නිලධාරීන් ගේ ද සහභාගිත්වයෙන් ඩෙංගි මර්දන කමිටු පිහිටුවා අදාළ කටයුතු සම්බන්ධීකරණය දැනට සිදු වේ. ඇතැම් දිස්‌ත්‍රික්‌කවල මේවා හොඳින් ක්‍රියාත්මක වුව ද සමහර තැන්වල නිසි සම්බන්ධිකරණයක් දක්‌නට නො ලැබේ. හුදෙක් ඩෙංගි මර්දනයේ වගකීම් පිළිබඳ බෝලය එක් එක්‌කෙනාට "පාස් කිරීම" නො විය යුතු ය. ප්‍රාදේශීය මට්‌ටමේ දී ප්‍රාදේශීය ලේකම් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රාදේශීය ඩෙංගි කමිටු රැස් වේ. මීට අමතරව පළාත් පාලන ආයතන, මධ්‍යම පරිසර අධිකාරිය, හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක කමිටු, රාජ්‍ය නො වන ආයතනවල දායකත්වය හා සම්බන්ධීකරණය කමිටුවලට ලැබිය යුතු ය. ප්‍රශස්‌ථ සම්බන්ධීකරණයක් ඇති තැන්වල ඩෙංගි මර්දන වැඩපිළිවෙළ සාර්ථක වන ආකාරයත්, එකිනෙකා අතර කඹ ඇදගන්නා තැන්වල මර්දන කටයුතු දුෂ්කර වී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නට ඇත.
ජාතික මට්‌ටමේ දී ඩෙංගි රෝග ව්‍යාප්තිය පිළිබඳ දත්ත රැස් කිරීම හා ඒ පිළිබඳ අදාළ අංශ වෙත අනතුරු ඇඟවීම් කිරීම (Surveillance) පිළිබඳ වගකීම වසංගත රෝග විද්‍යා අංශයට පැවරී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැර විශේෂිත වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ය. තව ද රෝගීන්ට ප්‍රතිකාර කිරීම විධිමත් කිරීමට අදාළ පියවර ගැනීම ද (එනම් සායනික මාර්ගෝපදේශන සැපයීම) වසංගත රෝග විද්‍යා අංශය මඟින් සිදු වේ. දිවයින පුරා රෝග මර්දන කටයුතු මෙහයවීම හා අවශ්‍ය මඟපෙන්වීම් කිරීමට විශේෂයෙන් ජාතික ඩෙංගි මර්දන ඒකකයක් පිහිටුවා ඇත. එමඟින් විවිධ ස්‌ථරවල දී ඩෙංගි පාලන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සිදු වීම වැදගත් ප්‍රවේශයකි. මීට අමතරව මදුරු කීටයන් බෝ වීම පිළිබඳ නිරීක්‍ෂණ සිදු කරමින් (Entemolgical Suveillance)) කීට මර්දන කටයුතු සඳහා උපදෙස් දීමේ කාර්යය ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වෙත පවරා ඇත. මේ ආකාරයෙන් ඩෙංගි මදුරුවාට එරෙහි ක්‍රියාන්විතයේ ප්‍රධාන වගකීම් දස දෙසින් ම ක්‍රියාත්මක වේ.
අද සතියේ විමසුම
වෛද්‍ය අමිල චන්ද්‍රසිරි
Source: 2012 JULY 4th VIDUSARA Paper
කිසිදු විවාදයකින් තොර ව වත්මන් ශ්‍රී ලංකාවේ වැඩි ම මහජන අවධානයක් දිනාගත් සෞඛ්‍ය ප්‍රශ්නය ලෙස ඩෙංගිs හඳුන්වා දිය හැකි ය. ඒ පිළිබඳ උනන්දුව රටපුරා උපරිමව ඇවිලී තිබුණ ද ඩෙංගි මාරයාට ගොදුරු ව අකාලයේ මිලින වන මිනිස් ජීවිත පිළිබඳව දිනෙන් හද කකියවන පුවත් රටේ සිව් කොනින් අසන්නට ලැබේ. කෙතෙක් කළත් මෙපමණකැයි කියා අත පිස දා ගත නොහැකි මේ බරපතළ අභියෝගයට මුහුණ දීමේ වගකීම අප සියලු දෙනා කරපිට පැටවී ඇත. රජය, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය රොක් වී දියත් කරන විවිධ ක්‍රියාන්විතයන් නිසා ඩෙංගි මාරයාට අප සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ඇතැම් පාර්ශ්ව පවසයි. එහෙත් රෝගීන් හා මරණ ඉලක්‌කම් පෙන්වන තවත් පාර්ශ්ව තර්ක කරන්නේ මර්දන කටයුතුවල හිඩැස් ඇති බව ය. ඩෙංගි තර්ජනයට එරෙහි ව සියලු පාර්ශ්ව තුමන හෝ දායකත්වයක් එක් කරන බව නම් අපට අවිවාදිතව පිළිගැනීමට සිදු වේ. එසේ නම් තවමත් ඩෙංගි "නොකවුට්" කිරීමට අප අපොහොසත් වී ඇත්තේ ඇයි?
ඩෙංගි අප රට තුළ හිස එසවූ ආකාරය
මේ වන විට ලොව රටවල් 100ක් පමණ ඩෙංගු ආක්‍රමණයට ගොදුරු ව ඇත. වසරකට ලොව පුරා ඩෙංගි රෝගීන් මිලියන 50ක් පමණ වාර්තා වන බව ද මරණ 22000ක් පමණ සිදු වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයයි. මේ අගයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අප වටහා ගත යුතු ය.
අප රටේ පළමු වරට ඩෙංගි රෝගියකු වාර්තා වන්නේ 1962 වසරේ දී ය. එතැන් පටන් කෙමෙන් හිස එසවූ ඩෙංගි 2000 වසරේ පමණ බටන් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස මතු විය. ඉනික්‌බිති සැම වසරක ම අවම වශයෙන් රෝගීන් 5000ක් වත් වාර්තා වන්නට විය. 2002, 2004, 2006 හා 2009 බිහිසුණු ඩෙංගි වසංගත තත්ත්ව වාර්තා විය. ඒ ඒ වසරවල වාර්තා වූ ඩෙංගි රෝගීන් හා මරණ සංඛ්‍යාවන් පහත වගුවේ දැක්‌වේ. මෙයින් 2009 වසර ඉතිහාසගත වන්නේ ඩෙංගි නිසා වැඩි ම හානියක් සිදු වන වර්ෂය ලෙසිනි. එම වසර තුළ දී 35000ක් පමණ රෝaගයට ගොදුරු වෙද්දී වටිනා ජීවීත 346ක් ඩෙංගි මාරයාට බිලි විය. 2011 වසරේ දී රෝගීන් 28000ක් පමණ හා මරණ 185ක් අසන්නට ලැබිණ.
ඩෙංගි රෝගය පසුගිය දශකය මුළුල්ලේ ක්‍රමයෙන් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස අප රට තුළ ව්‍යාප්ත වී ඇති බව දැන් පැහැදිලි ය. වසර 2-3කට වරක් වසංගත තත්ත්වයක් ලෙස ඉස්‌මතු වූ ඩෙංගි ඒ අතරතුර කාලයේ ද නො නිදා සිටි බව වගුවෙන් පැහැදිලි වේ. 2012 දී යළිත් ඩෙංගි රකුසා බිහිසුණු ලෙස අවදි විය හැකි බවට පෙරනිමිති පහළ ව ඇත. මේ වන විට වසර තුළ රෝගීන් 12454ක් ද, මරණ 75ක් ද වාර්තා වී ඇත. පසුගිය වසර කිහිපය තුළ දක්‌නට ලැබුණු රෝග ව්‍යාප්ති රටාව අනුව දැනට තත්ත්වය මෙය නම් ඉදිරි මාස කිහිපය තුළ රෝගීන් ගේ විශාල ඉහළ යැමක් අපේක්‌ෂා කළ හැකි ය. මැයි මාසය තුළ ඩෙංගි සතියක් ප්‍රකාශයට පත් කළ බලධාරීහු යළිත් ඩෙංගි වෙනුවෙන් මාසයක් ම කැප කිරීමට යති. සෞඛ්‍ය සේවය මත පමණක් නො යෑපී සමාජයේ සියලු ස්‌තරයන් යුහුසුලුව ක්‍රියාත්මක නො වුණ හොත් 2009ටත් වඩා ශෝචනීය තත්ත්වයක් උදා වීම වැළැක්‌විය නොහැකි වනු ඇත.
වෙස් මාරු කළ ඩෙංගි රකුසා
ඩෙංගි පිළිබඳව අප මෙතෙක් දැන සිටි බොහෝ දැ වෙනස් වෙමින් යන බව ප්‍රත්‍යක්‌ෂ ය. ඩෙංගි රෝගයේ ව්‍යාප්තිය මෙන්ම වාහක මදුරුවා ගේ ගති ස්‌වභාවයන් ද පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන වෙනස්‌කම්වලට ලක් වූ බව වසංගත රෝග විද්‍යාඥයන් ගේ මතයයි.
භූගෝලීය ව්‍යාප්තිය
කොළඹ, ගම්පහ, කළුතර, නුවර යන දිස්‌ත්‍රික්‌ක දැනට ඩෙංගි ග්‍රහණයට තදින් ගොදුරු ව ඇත. එහෙත් මේ වන විට ඩෙංගි අවදානමෙන් තොර යෑයි දැක්‌විය හැකි ප්‍රදේශයක් නැති තරම් ය. මෙතෙක් ඩෙංගි පිළිබඳව අසන්නට නො ලැබුණු නුවරඑළිය, බදුල්ල, මාතලේ ආදී දිස්‌ත්‍රික්‌කවලින් පවා දැන් දැන් රෝගීන් වාර්තා වේ. 2004 වසංගත අවස්‌ථාවේ දී රෝගීන් 100කට වඩා වාර්තා වූ දිස්‌ත්‍රික්‌ක 7ක් තිබූ අතර 2007 දී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 21ක ම රෝගී ගණන 100 ඉක්‌මවී ය. මෑත කාලීන සීමා මායිම් බිඳ ලමින් මුළු ලංකාව ම ඩෙංගි මාරයා ගේ සෙවනැල්ලට ගොදුරු වූ ඇයුරු මෙයින් පැහැදිලි වේ. දැන් ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 26න් ම රෝගීන් වාර්තා වේ. ඩෙංගි යනු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වන රෝගයක් ලෙස සිතා සිටිය ද ඈත ග්‍රාමීය ප්‍රදේශවලින් පවා දැන් දැන් රෝගීන් වාර්තා වේ. මදුරු ව්‍යාප්තිය පුළුල් වීමට දේශගුණික වෙනස්‌කම් හේතුවක් වී ඇති බව ද පැහැදිලි ය. ගෝලීය උණුසුම් වීම කෙරෙහි මෙහි වගකීම පැටවීම සාධාරණ ය.
රෝගයට ගොදුරු වන වයස් සීමාව ඩෙංගි කී පමණින් අපට සිහිපත් වන්නේ දරුවන් ය. එහෙත් මේ වන විට රෝගයට ගොදුරු විය හැකි අවදානම් වයස් සීමාවන් වෙනස් වී ඇත. 1996 වසරේ 60%ක් රෝගීන් අවුරුදු 15ට වැඩි අය ලෙස වර්තා වුව ද 2007 වන විට තත්ත්වය වෙනස් වූයේ 60%ක් රෝගීන් අවුරුදු 16ට වැඩි අය ලෙස වාර්තා වූ බැවිනි. ලංකාවේ ඩෙංගි රෝගීන් දෙස බලන විට බහුතරයක් අවුරුදු 5-9 අතර හා 20-24 අතර වයස්‌වල පසු වන අය බව පෙනේ. ඉතා කුඩා වයසේ දී, මහලු වියේ දී, ගර්භණී සමයේ දී, වෙනත් දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන විට රෝගයට ගොදුරු වීම, රක්‌තපාතය, කම්පනය වැනි බරපතළ තත්ත්වවලට යැමට වැඩි අවදානමක් සහිත වේ.
රෝගය ව්‍යාප්ත වන කාල සීමාව
පසුගිය වසර කිහිපය පුරා ම ඩෙංගි හිස එසවූයේ මෝසම් වැසි සමයන් සමඟිනි. නිරිතදිග මෝසමත් සමග මැයි-ජූලි වකවානුවේ ඩෙංගි ප්‍රබල ලෙස මතු වන්නට පටන් ගනී. තව ද ඊසානදිග මෝසමත් සමග ඔක්‌තේබර්-දෙසැම්බර් සමය තුළ යළිත් හිස ඔසවන බව නිරීක්‌ෂණය කළ හැකි ය. අදාළ කාල සීමාවන් තුළ වැඩි අවධානයක් යොමු කළ යුතු වුව ද මෙහි දී මේ ආකාරයෙන් වසරේ යම් යම් කාලවලට සීමා කර තැබීම නුවණට හුරු නැති බව වසංගත රෝග විද්‍යාඥයන් ගේ මතයයි. ඒ දැන් වසර පුරාවට ම ඩෙංගි රෝගෘSන් වාර්තා වන ස්‌වභාවයක් දක්‌නට ලැබෙන බැවිනි. එයින් උගත යුතු පාඩම ඩෙංගි සතියට හෝ මාසයට හෝ සීමා නො වී රෝග මර්දන කටයුතු පිළිබඳව වසර මුළුල්ලේ ම අවදියෙන් සිටිය යුතු බවයි.
2011 දත්ත විමසන විට පෙනී යන්නේ ජනවාරී හැරුණු කල (933) වර්ෂයේ අනෙක් සැම මාසයක ම ඩෙංගි රෝගීන් ගණන 1000 ඉක්‌මවා තිබූ බවයි. වැඩි ම රෝගීන් ගණනක් වාර්තා වී තිබුණේ ජූලි (4817) හා දෙසැම්බර් (4463) මාසවලිනි.
ඩෙංගි වයිරසයේ ඇති වූ වෙනස්‌කම්
ඩෙංගි රෝගය සෑදීම, එය රක්‌තපාත තත්ත්වය (Dengue Haemmaragic fever) දක්‌වා උත්සන්න වීම, කම්පනයට (Shock) ලක් වී මිය යැම සිදු වූ ස්‌වරූපය පසුගිය වසර කිහිපය තුළ දී විපර්යාසයන්ට ලක් වූ බව පෙනෙන්නට තිබිණ. විශේෂයෙන් ම ඩෙංගි ආසාදනයන්ට ලක් වූ රෝගීන් ඩෙංගි උණ තත්ත්වයේ සිට (පූර්ව ලකුණු නො පෙන්වා) එකවර ඩෙංගි රක්‌තපාත තත්ත්වයට හා ඩෙංගි කම්පනයට ගමන් කිරීම දැකගත හැකි ය. මෙබඳු අවස්‌ථාවල වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පවා අසරණ වූ අතර මරණ සංඛ්‍යාව ඉහළ යැමට ද එය හේතුවක් විය. ඩෙංගි පිළිබඳව අප එතෙක් දැන සිටි සායනික (Clinica) දැනුම වෙනස් ව ඇති බව පැහැදිලි ය. ඩෙංගි වයිරසයේ ඇති වෙනස්‌කම් නම් මේ තත්ත්වයට වගකිය යුතු ව ඇතැයි වෛද්‍යවරු මත පළ කරති. වයිරසය ජානමය විපර්යාසයන්ට ලක් වීම මීට ආසන්න ම හේතුව වශයෙන් දැක්‌විය හැකි ය.
වාහක මදුරුවා ගේ ඇති වූ වෙනස්‌කම්
ඩෙංගි වාහක මදුරුවා ගේ හැසිරීම හා ජීවන චක්‍රය ද කැපී පෙනෙන වෙනස්‌කම්වලට ලක් වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට රෝගයේ භූගෝලීය ව්‍යාප්තිය කෙරෙහි මෙය හේතු වී ඇත. මදුරු මර්දනය සඳහා අවිචාරවත් ලෙස රසායනික ක්‍රම භාවිතය නිසා අදාළ රසායනිකයන්ට මදුරුවන් අනුවර්තනය වෙමින් ඇත. බිත්තර හරහා ඊළඟ පරම්පරාවන්ට ඩෙංගි වයිරසය සම්ප්‍රේෂණය වන බව දැන් අනාවරණය වී ඇත.
ඩෙංගි රෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේ ද යන්න අද කාගේත් මුවග රැඳී ඇති පැනයයි. සෞඛ්‍ය බලධාරීන් ගෙයින් ගෙට ගොස් පරීක්‌ෂා කර මදුරු කීටයන් බෝ විය හැකි ස්‌ථාන සොයාගත් පමණින්, කාටත් පෙනෙන්නට දුම් ගැසූ පමණින් හෝ BTI ආශ්චර්ය භාවිත කළ පමණින් රට පුරා හිස ඔසවන ඩෙංගි උවදුර මැඬලිය හැකි ද? ඩෙංගි ක්‍රියාන්විතයේ මූලික විෂය පථය මෙසේ ලඝූ කොට දැක්‌විය හැකි ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට නම් ඉහත කී මර්දන ක්‍රම සියල්ල අවස්‌ථාවෝචිත ලෙස සංකලනයක් ලෙස ක්‍රියා කළ යුතු බවයි. එසේ ම ප්‍රදේශයේ භූගෝලීය හා දේශගුණික තත්ත්වය, මදුරු ගහණය හා රෝගීන් සංඛ්‍යාව ආදී සාධක ද සලකා බැලිය යුතු වේ. එසේ ම ප්‍රායෝගික පහසුව හා වියදම ද සැලකිල්ලට ගත යුතු ය. කුමන ප්‍ර්‍රදේශවල කවර මර්දන ක්‍රම භාවිත කළ යුත්තේ ද යන්න නිර්ණය කිරීම සෞඛ්‍ය බලධාරීන් ගේ කාර්යයභාරයයි. මෙහි දී කීට විද්‍යාඥයන් ගේ සහාය ද ඉතා වැදගත් වේ. දේශපාලන නායකයන් ගේ හා සිවිල් සමාජයේ සහාය ද සැලකිල්ලට ගත යුතු ය. එහෙත් ඇතැම් විටක මේ පාර්ශවවලින් විද්‍යාත්මකව එතරම් ඵලදායි නැතැයි තහවුරු වූ මර්දන ක්‍රම (ධූමායනය වැනි) කෙරෙහි වැඩි ඉල්ලුමක් ලැබේ. එවිට විද්‍යාත්මකව තහවුරු වී ඇති මර්දන ක්‍රම තෝරාගත යුතු ය.
ඩෙංගි මදුරුවා ගේ ජීවන චක්‍රය විමසන විට පැහැදිලි වන්නේ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන විනාශ කිරීම වඩාත් සාර්ථක මර්දන ක්‍රමය බව ය. එබැවින් ඩෙංගි මර්දනයේ දී මේ කරුණ සම්බන්ධයෙන් නිතිපතා නැවත නැවත අවධානය යොමු කළ යුතු ය.
නාගරික ප්‍රදේශ හා ග්‍රාමීය ප්‍රදේශ සලකන විට සුලබ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන වෙනස් වන බව හඳුනාගත හැකි ය. නාගරික ප්‍රදේශවල ප්ලාස්‌ටික් කප්, ඉවත ලන ටින්, බෝතල් දක්‌නට ලැබේ. ග්‍රාමීය ප්‍රදේශවල පොල් කටු, ගස් බෙන, ජලය රැඳෙන පත්‍ර සහිත ශාක (නාගරික නිවාසවල ද මෙබඳු විසිතුරු ශාක ඇත) හා ජලය එකතු විය හැකි බිම වැටුණු ශාක පත්‍ර ආදිය ඩෙංගි මදුරුවා බිජු ලන ස්‌ථාන විය හැකි ය. නාගරික ප්‍රදේශවල කසළ බැහැර කරන ස්‌ථාන, ගොඩනැ`ගිලි ඉදි කිරීම් පරිශ්‍රයන් හා සුසාන භූමි, (ජලය එක් රැස් වන ලෙස තනනු සොහොන් කොත්) ඩෙංගි මදුරුවන්ට බිජු දැමිය හැකි සරු ස්‌ථාන වේ. මේ ස්‌ථාන කෙරේ මහජනතාව ගේ පෞද්ගලික අවධානය යොමු විය යුතු ය. තව ද නිවාසවල ශීතකරණ පිටුපස, කාර්යාලවල වායුසමන යන්ත්‍ර පිටුපස, ජලය රැඳෙන ස්‌ථාන රැසක් ඇසට සැ`ගවී තිබිය හැකි ස්‌ථාන වේ. එසේ ම නිවාසවල හා ගොඩනැඟිලිවල වැහි පීලී ද (බොහෝ විට ශාක පත්‍ර වැටී ඒවා සිර වූ විට) නිතර පිරිසිදු කළ යුතු ය.
BTI (Bacillus thuringiensis israelensis) බැක්‌ටීරීයාව භාවිත කර පහසුවෙන් ඩෙංගි මාරයා අතු ගා දැමිය හැකි ද යන්න ගැන පසුගිය දා විශාල මහජන අවධානයක් යොමු ව තිබිණි. එය එක් එක් රටක සාර්ථක වූ පමණින් වෙනත් රටක සාර්ථක ප්‍රකිඵල පෙන්වනු ඇතැයි බලපාපොරොත්තු විය නොහැකි ය. ලංකාවේ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන කවරේ දැයි විමසන කල පෙනී යන්නේ ජලය එක්‌රැස් විය හැකි ඉවත දැමූ භාජන ඉන් ප්‍රමුඛතාවක් ගන්නා බවයි. ඉදින් මේ එකින් එකට BTI දැමීම ප්‍රායෝගිකව කළ නොහැක්‌කකි. පොල් කෝම්බ, යෝගට් කෝප්ප එකින් එක ගෙන BTI (දියරය) වත් කිරීමට දරන මහන්සියෙන් ඉතා පහසුවෙන් ඒවා ඉවත් කළ හැකි නො වේ ද? එහෙත් ඉතා කාර්යක්‌ෂ්ම ජෛව විද්‍යාත්මක කීට මර්දන ක්‍රමවේදයක් වන BTIවල සීමාවන් හා භාවිතයන් පිළිබඳ නිසි දැනුම මහජනතාවට ලබා දිය යුතු වේ.
අධි වසංගත තත්ත්ව මතු ව ඇති ප්‍රදේශවල ඒ වන විට සිටින වැඩිහිටි මදුරුවන් ගහණය පාලනය කිරීමට ධූමායනය (Fogging) ප්‍රයෝජනවත් වේ. එහෙත් එය දිගින් දිගට ම කිරීම උචිත නො වේ. දුම් ගැසීමෙන් එක් වරක් වැඩිහිටි මදුරු පරම්පරාවවිනාශ කළ ද කීටයන් ඉතිරි වන බැවින් සතියක් ඇතුළත කීටයන් ගෙන් තවත් පරම්පරාවක් බෝ වීම සිදු වේ. සීමීත වශයෙන් යොදාගත යුතු මර්දන ක්‍රමයක් වූ ධූමායනය සිදු කළ ද මදුරු කීටයන් බෝ වන ස්‌ථාන වැනසීම දිගට ම ඉහළ ප්‍රමුඛතාවකින් සිදු විය යුතු ය. මේ නිසා දුම් ගැසූ පමණින් ඔක්‌කොම හරි යෑයි සිතා නිවාස අවට පිරිසිදු කිරීම අතපසු කළ හොත් තත්ත්වය නරක අතට හැරිය හැකි ය. (මීට අමතරව ඇදුම රෝගීන් ඇති පරිසරයක එම රෝගය උත්සන්න වීමට ද ධූමායනය බලපෑ හැකි ය).
මේ සියලු මර්දන කටයුතු සාර්ථක වීමට නම් රෝගය මතු වන ස්‌ථාන හා ව්‍යාප්ත වන රටාව හැකි තරම් ඉක්‌මනින් හඳුනාගැනීමට (Suveillance) ශක්‌තිමත් ක්‍රමවේදයක් තිබීම වැදගත් වේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා වංසගත රෝග විද්‍යා ඒකකය (pidemiology unit) මෙහෙයවීමෙන් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. බෝ වන රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමට යොදා ඇති සාමාන්‍ය ක්‍රමයට අමතරව ඩෙංගි රෝගීන් රෝහල් වෙත වාර්තා වූ ක්‍ෂණයකින් ඔවුන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙත හා වසංගත රෝග විද්‍යා අංශය වෙත දැනුම් දීමට විධිමත් ක්‍රමවේදයක් ස්‌ථාපනය කර ඇත. එමඟින් අදාළ ප්‍රදේශවල මර්දන වැඩසටහන වහා ඇරඹීමට උපදෙස් සැපයේ. එමඟින් යම් ස්‌ථානයකින් රෝගීන් වැඩිපුර වාර්තා වන්නට වූ විගස ඒ කෙරෙහි යොමු වී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අවකාශ සැලකේ.
එහෙත් පෞද්ගලික අංශයේ සෞඛ්‍ය ආයතනවලින් හා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගන්නා ඩෙංගි රෝගීන් පිළිබඳ දත්ත මේ ක්‍රියාවලිය වෙත ලැබීමේ යම් ඌනතාවක් පැවතීම රෝග මර්දන කටයුතු විධිමත් කිරීමට බාධාවක් වී තිබේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මදුරු කීට ගහණ පිළිබඳ නිරීක්‍ෂණයක් (Entemolgical Suveillance) කොට නොබෝ කලකින් එහි ඩෙංගි හිස ඔසවන බවට පූර්ව නිගමනයක් කළ හැකි ය. සැබැවින් ම රෝගීන් වාර්තා වන තෙක් කල් නො මරා මේ ආකාරයෙන් පෙරැයීම් කිරීමට හැකි නම් කල් තියා මර්දන කටයුතු ක්‍රියාත්මක කර එම ප්‍රදේශයේ රෝගය සාර්ථකව පාලනය කළ හැකි ය. (රෝගීන් වාර්තා වන්නට පටන් ගන්නේ යම් ප්‍රදේශයක ආසාදිත මදුරු ගහණය ස්‌ථාපිත වූ පසු ව ය.) එබැවින් මේ කීට දත්ත රෝග මර්දන කටයුතු කාර්යක්‌ෂ්ම කිරීම සඳහා ඵලදායි ලෙස භාවිතයට ගත යුතු ය. එහෙත් ඒ සඳහා අවැසි සම්පත් හා දැනුම හිඟකම දැනට ගැටලුවක් ව පවතී.
ඩෙංගි මර්දන කටයුතු සාර්ථකව දියත් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සපයා දී ඇත්තේ 2007 අංක 11 දරන මදුරු මර්දන පනතිනි. මදුරු කීටයන් බෝ විය හැකි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහි ව ඉතා දැඩි පියවර ගත හැකි ශක්‌තිමත් නීතිමය පියවර එහි අඩංගු ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මඟින් මේ විධිවිධාන ක්‍රියාත්මක වේ. දේශපාලන බලපෑම්වලින් තොර ව, තරාතිරම නො බලා මේ නීති බලාත්මක කිරීම ඩෙංගි මදුරුවාට එරෙහි සටන ශක්‌තිමත් කිරීමට විශාල පිටටිවහලක් වනු ඇත.
එහෙත් කොළඹ, ගම්පහ, කළුතර දිස්‌ත්‍රික්‌වල තත්ත්වය මැඬලීම තවමත් උභකෝටිකයක් ව ඇත. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව නිසි පරිදි කැළිකසළ කළමනාකරණය නො කිරීම, නාගරික ජීවන රටාව හා සබැඳි ප්ලාස්‌ටික් බඳුන් හා ටින් මෙන්ම අදාළ ප්‍රදේශවල අධික ජන ඝනත්වය ද අභියෝගයක් ව ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය, රෝගීන් වාර්තා වූ ප්‍රදේශ අනුව ඩෙංගි සඳහා අධි අවදානම් දිස්‌ත්‍රික්‌ක හා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ හඳුනාගෙන ඇත. එම ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය ඉලක්‌කගත විය යුතු ය. 2012 වසර තුළ මේ දක්‌වා රෝගීන් ගෙන් ද, මරණවලින් ද බහුතරය වාර්තා වන්නේ බස්‌නාහිර පළාතෙන් බව අප සැලකිල්ලට ගත යුතු ය.
ඉහත පැහැදිලි කළ ආකාරයට ඩෙංගි රෝගය වඩා රුදුරු වෙස් ගෙන තිබීම හා අනපේක්‍ෂිත ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වීම ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන්ට අභියෝගයක් ව ඇත. මේ තත්ත්වය තේරුම් ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය ඩෙංගි රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ මාර්ගෝපදේශන (Clinical Guidelines) මාලාවක් ප්‍රකාශයට පත් කළේ ය. ඩෙංගි මරණ ගණනාවක් විශේෂඥ මඬුල්ලක් විසින් තොරතුරු එක්‌රැස් කර ගැනීමෙන් අධ්‍යයනයට ලක් කර පිළියෙල කෙරුණු මේ මාර්ගෝපදේශන මාලාව දැනට බොහොමයක් රජයේ හා පෞද්ගලික රෝහල්වල ඩෙංගි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී භාවිතයට ගන්නා අතර සියලු ම සෞඛ්‍ය ආයතන මීට අනුගත විය යුතු ය.
කලින් සිතා සිටි ආකාරයේ ඩෙංගි උණ සැදී, රක්‌තපාත තත්ත්වය ඇති වී අනුක්‍රමයෙන් කම්පනයට ලක් වීම වෙනුවට ඩෙංගි උණ එකවර කම්පන අවස්‌ථාවට පත් විය හැකි ය යන්න ප්‍රතිකාර කිරීමේ දී සැලකිල්ලට ගත යුතු ය. එසේ ම ඩෙංගි රෝගියකු අසාධ්‍ය තත්ත්වයට පත් වීම හඳුනාගත හැකි මූලික ලක්‍ෂණ, කළ යුතු පරීක්‍ෂා එහි අන්තර්ගත ය. ප්‍රතිකාර සම්බන්ධයෙන් සුවිශේෂී ම වෙනස්‌කම සිදු වූයේ රෝගීන්ට ශිරාගත දියර (IV fluids) හෙවත් පොදු වහරේ හැඳින්වෙන පරිදි සේලයින් ලබා දීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි මාර්ගෝපදේශන හඳුන්වා දීම ය. අද වන විට ඩෙංගි රක්‌තපාත තත්ත්වය ඉක්‌මනින් හඳුනාගන්නා බවත්, ඔවුන් ඉක්‌මනින් රෝහල් ප්‍රතිකාර කරා යොමු වන බවත් නිරීක්‍ෂණය කළ හැකි ය. පසුගිය වසරවල ඇතැම් රෝගීන් රෝහල් කරා රැගෙන අවේ අශ්වයා පැන ගිය පසු ය. එනම් කම්පන තත්ත්වයට ලක් වීමෙන් අනතුරු ව ය.
ඩෙංගි මර්දනයේ පෙරමුණ ගත යුත්තේ කවුද? එහි සම්බන්ධීකරණය සිදු කළ යුත්තේ කවුරුන් ද? මේ සම්බන්ධව පසුගිය කාලය පුරා ම විවිධ පර්ශ්ව අතර යම් යම් කඹ ඇදීම් සිදු වූ බව රහසක් නො වේ. ජාතික තලයේ මෙන්ම ප්‍රාදේශීය මට්‌ටමින් ද මෙය දක්‌නට ලැබිණ. ඩෙංගි මර්දන කටයුතු දියත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට තනි ව ඉසිලිය හැකි බරක් නො වන හෙයින් අනෙකුත් විෂයයන් ද සම්බන්ධීකරණය කරමින් ඊට ඉහළින් පිහිටි ආයතනයක් ලෙස ඩෙංගි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය 2010 දී පිහිටුවිණි. එහි අරමුණක් වූයේ සියලු ම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන ඩෙංගිවලට එරෙහි පොදු ඉලක්‌කයක් වෙනුවෙන් පෙළගැස්‌වීම ය. මෙහි දී එක් එක් පාර්ශ්ව අතර මනා සම්බන්ධීකරණය ඉතා වැදගත් සාධකයකි.
දිස්‌ත්‍රික් මට්‌ටමින් ද දිස්‌ත්‍රික් ලේකම්, දිස්‌ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ගේ ප්‍රමුඛත්වයෙන් අනෙකුත් අංශවල සම මට්‌ටමේ නිලධාරීන් ගේ ද සහභාගිත්වයෙන් ඩෙංගි මර්දන කමිටු පිහිටුවා අදාළ කටයුතු සම්බන්ධීකරණය දැනට සිදු වේ. ඇතැම් දිස්‌ත්‍රික්‌කවල මේවා හොඳින් ක්‍රියාත්මක වුව ද සමහර තැන්වල නිසි සම්බන්ධිකරණයක් දක්‌නට නො ලැබේ. හුදෙක් ඩෙංගි මර්දනයේ වගකීම් පිළිබඳ බෝලය එක් එක්‌කෙනාට "පාස් කිරීම" නො විය යුතු ය. ප්‍රාදේශීය මට්‌ටමේ දී ප්‍රාදේශීය ලේකම් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රාදේශීය ඩෙංගි කමිටු රැස් වේ. මීට අමතරව පළාත් පාලන ආයතන, මධ්‍යම පරිසර අධිකාරිය, හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක කමිටු, රාජ්‍ය නො වන ආයතනවල දායකත්වය හා සම්බන්ධීකරණය කමිටුවලට ලැබිය යුතු ය. ප්‍රශස්‌ථ සම්බන්ධීකරණයක් ඇති තැන්වල ඩෙංගි මර්දන වැඩපිළිවෙළ සාර්ථක වන ආකාරයත්, එකිනෙකා අතර කඹ ඇදගන්නා තැන්වල මර්දන කටයුතු දුෂ්කර වී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නට ඇත.
ජාතික මට්‌ටමේ දී ඩෙංගි රෝග ව්‍යාප්තිය පිළිබඳ දත්ත රැස් කිරීම හා ඒ පිළිබඳ අදාළ අංශ වෙත අනතුරු ඇඟවීම් කිරීම (Surveillance) පිළිබඳ වගකීම වසංගත රෝග විද්‍යා අංශයට පැවරී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැර විශේෂිත වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ය. තව ද රෝගීන්ට ප්‍රතිකාර කිරීම විධිමත් කිරීමට අදාළ පියවර ගැනීම ද (එනම් සායනික මාර්ගෝපදේශන සැපයීම) වසංගත රෝග විද්‍යා අංශය මඟින් සිදු වේ. දිවයින පුරා රෝග මර්දන කටයුතු මෙහයවීම හා අවශ්‍ය මඟපෙන්වීම් කිරීමට විශේෂයෙන් ජාතික ඩෙංගි මර්දන ඒකකයක් පිහිටුවා ඇත. එමඟින් විවිධ ස්‌ථරවල දී ඩෙංගි පාලන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සිදු වීම වැදගත් ප්‍රවේශයකි. මීට අමතරව මදුරු කීටයන් බෝ වීම පිළිබඳ නිරීක්‍ෂණ සිදු කරමින් (Entemolgical Suveillance)) කීට මර්දන කටයුතු සඳහා උපදෙස් දීමේ කාර්යය ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වෙත පවරා ඇත. මේ ආකාරයෙන් ඩෙංගි මදුරුවාට එරෙහි ක්‍රියාන්විතයේ ප්‍රධාන වගකීම් දස දෙසින් ම ක්‍රියාත්මක වේ.
අද සතියේ විමසුම
වෛද්‍ය අමිල චන්ද්‍රසිරි
Source: 2012 JULY 4th VIDUSARA Paper
Subscribe to:
Posts (Atom)