Monday, August 27, 2012

Derana News -26-08-2012 මීගමු කලපුවේ කඩොලාන විනාශය හමුවේ නීතියත් හෑල්ලුවට ලක්කරයි

Tuesday, August 21, 2012

දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?

(උපටා ගැනීම - විදුසර විද්‍යා සගරාව 2012 අගෝස්තු 15 බදාදා) 
ජගත් පරිසර විමසුම - 136
(ධනේෂ් විසුම්පෙරුම) දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ
සටන තවත් දියාරු වන හැඩ?


දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ තීරුව ඔස්‌සේ විමසා බැලීමට අප සිතුවේ මෑත කාලයේ දී ඒ සම්බන්ධව වාර්තා වූ ඇතැම් පුවත්වල ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් ලෝකයේ බරපතළ ම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇතැම් රටවල ජනතාව ගේ හා දේශපාලන නායකත්වයේ අවධානය අඩු වී ඇති තත්ත්වයක්‌ පැවතිය ද එහි වැඩි බලපෑමකට ලක්‌ විය හැකි දියුණු වන රටක්‌ ලෙස අප මේ පිළිබඳ ප්‍රවණතා ගැන අවධානය යොමු කළ යුතු වේ. ඒ ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳව වටහා ගැනීම සඳහා ය.

කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන ඉහළ මට්‌ටමක

2011 වර්ෂයේ දී ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය පෙර වර්ෂයට සාපේක්‌ෂව 3%කින් පමණ වර්ධනය වී ඇත. මේ වර්ධනය පසුගිය දශකයේ පැවැති සාමාන්‍ය වර්ධනය වන 2.7% ප්‍රමාණය ඉක්‌මවා තිබීම වැදගත් කරුණකි. එහෙත් මෑත කාලයේ වැඩි ම ප්‍රතිශත වර්ධනයක්‌ පැවතියේ 2010 දී ය. ඒ ලෝක ආර්ථික අර්බුදයෙන් පසු නැවත යථා තත්ත්වයට පත් වන අතර දී ය.

ප්‍රමාණාත්මකව ටොන් බිලියන 34ක්‌ වන මේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා දායකත්වය සපයා ඇති රටවල් හා ඒවායේ දායකත්වය මෙසේ ය. චීනය (29%), ඇමෙරිකාව (16%), යුරෝපා සංගමය (11%), ඉන්දියාව (6%), රුසියාව (5%) හා ජපානය (4%) මේ අතර ඉදිරියෙන් සිටින රටවල් වේ.

මේ අතර චීනයේ ඒක පුද්ගල කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය (වාර්ෂික) යුරෝපයේ මට්‌ටමට ආසන්න වී තිබේ. එය 2011 වර්ෂයේ දී 9%කින් වර්ධනය වූ අතර මේ වන විට ටොන් 7.2 මට්‌ටමේ පවතී. කාර්මික රටවල සාමාන්‍යය ටොන් 6ත් 19ත් අතර පවතී. යුරෝපා සංගමයේ එය ටොන් 7.5ක්‌ පමණ වේ. එහි විශේෂත්වය වන්නේ යුරෝපා සංගමයේ මේ අගය ගිය වර්ෂයේ දී 3%කින් අඩු වී තිබීම ය. ඇමෙරිකාවේ මේ අගය ටොන් 17.3ක්‌ පමණ වේ. මේ කරුණු හෙළි කර ඇත්තේ යුරෝපා කොමිසමට අයත් ආයතනයක්‌ හා තවත් ආයතනයක්‌ එක්‌ ව පළ කර ඇති zජගත් කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රවණතාZ නම් වාර්ෂික වාර්තාවෙනි. (මූලාශ්‍රයTrends in global CO2 emissions,
http://edgar.jrc.ec.europa.eu/CO2REPORT2012.pdf&)

සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව කේවල් කිරීම

මේ අතර පසුගිය සතියේ ඇමෙරිකාවේ ප්‍රධාන දේශගුණ සාකච්ඡාකරු වන ටොඩ් ස්‌ටර්න් පැවසූ කරුණක්‌ සම්බන්ධව යුරෝපා සංගමය හා කුඩා දූපත් රාජ්‍ය එකමුතුව වෙතින් විරෝධය පළ වී තිබේ. ඔහු පවසන ආකාරයට මිහිතලය උණුසුම් වීම සෙල්සියස්‌ අංශක දෙකකට අඩුවෙන් පවත්වාගත යුතු ය යන පිළිගත් ඉලක්‌කය නිසා දේශගුණ සාකච්ඡා අතරමඟ නැවතීමට හේතු විය හැකි ය. මේ නිසා දේශගුණ සාකච්ඡාවල දී දැඩි මතධාරී නො වී නම්‍යශීලී විය යුතු ය යන්න ඔහු පෙන්වා දී තිබේ. එහෙත් මේ අදහස දේශගුණ වෙනස්‌ වීමට එරෙහි සටන ආරම්භ වීමට පළමුව ම අත්හැර දැමීමක්‌ සේ දක්‌වා තිබේ.

මේ ඉලක්‌කය ඇමෙරිකාවේ විරෝධයට ලක්‌ වූ පළමු අවස්‌ථාව මෙය නො වේ. මේ වන විට ලෝකය එකඟ වී ඇති උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ තබා ගැනීම, දේශගුණ වෙනස්‌ වීමට විසඳුමක්‌ සොයා ගැනීම පමා කිරීමේ උපක්‍රමයක්‌ සේ දැක්‌විය හැකි ය. එසේ නො වුව හොත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් බරපතළ ඒවා විය හැකි බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාධක දැක්‌විය හැකි ය. 2010 දී පැවැති දේශගුණ සාකච්ඡාවල දී ලෝකය ම මේ ඉලක්‌කය පිළිබඳව තම එකඟතාව පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ ඉලක්‌කය පවා බරපතළ එකක්‌ විය හැකි බව තවත් බොහෝ අධ්‍යයනවලින් යෝජනා කර තිබේ. ඒ අනුව සරලව පවසන්නේ නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම හැකි තරම් අඩු මට්‌ටමක තබා ගත යුතු බව පැහැදිලි ය.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ පිළිවෙත හමුවේ ඇතැම් පාර්ශ්ව ඇමෙරිකාවේ සහායට පැමිණිය හැකි බව අප අමතක නො කළ යුතු ය. මේ අතර වේගයෙන් කාර්මිකකරණය වන දියුණු වන රටවල් ද විය හැකි ය. එසේ වුව හොත් එය දේශගුණ සාකච්ඡාවල හරය හෙවත් වැදගත් ම ඉලක්‌කය නො සලකා හැරීමක්‌ වනු ඇත.

ලෝකයේ අභියෝගය

මේ අනුව ලෝකය ඉදිරියේ ඇති අභියෝගය කවරේ දැයි ඉතා පැහැදිලි ය. ලෝකයේ ප්‍රධානතම හරිතාගාර වායුව වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ඉහළ යමින් තිබේ. ලෝකයේ උෂ්ණත්වය ද ඉහළ යමින් තිබේ. එහි බලපෑම් අපට මේ වන විටත් දැකිය හැකි ය. එහෙත් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඇතැම් රටවලට උනන්දුවක්‌ නොමැති තරම් ය. ඒ සඳහා හේතු වී ඇත්තේ ආර්ථික වර්ධනය හා සම්බන්ධ දේශපාලනික කරුණු ය. මේ නිසා මේ අර්බුදයට විසඳුම් සෙවීම දිනෙන් දින පමා වෙමින් තිබේ. ලෝකයේ ඉදිරියේ අද දවසේ ඇති අභියෝගය වන්නේ ලෝකයේ ම සහාය ලබාගත් විසඳුමක්‌ සෙවීම ය.



පරිසරයෙන් ඒජන්ට්‌ ඔරේන්ඡ් 'ඉවත් කිරීම'

දශක කිහිපයකට පෙර පැවැති වියට්‌නාම් යුද්ධයේ දී ඇමෙරිකානු හමුදා විසින් ඒජන්ට්‌ ඔරේන්ඡ් නම් කෘෂි රසායන ද්‍රව්‍යය භාවිත කිරීම ඇමෙරිකානුවන් විසින් සිදු කරන ලද මානුෂික නො වන ක්‍රියාවක්‌ ලෙස ප්‍රකට කරුණකි. ඒජන්ට්‌ ඔරේන්ඡ් යනු 2,4,5 ට්‍රයික්‌ලොරොෆීනොක්‌සිඇසිටික්‌ අම්ල හා 2,4 ඩයික්‌ලෝරොෆීනොක්‌සිඇසිටික්‌ අම්ල යන රසායනිකවල සම මිශ්‍රණයකි. ශාකවල පත්‍ර පතනය සඳහා හේතු වන මේ රසායන ද්‍රව්‍යය වියට්‌නාමයේ වනාන්තරවලට ගුවන් මගින් ඉසින ලද්දේ උතුරු වියට්‌නාමයේ සහාය ලද වියට්‌කොං ගරිල්ලා සේනා සැඟව සිටි වනාන්තර විනාශ කිරීම හා ආහාර සපයාගැනීම වැළැක්‌වීම සඳහා ය. එහෙත් අතිශයින් විෂ සහිත මේ රසායන ද්‍රව්‍යය ඉසීමෙන් විශාල පිරිසක්‌ මිය ගිය අතර ගත වූ කාලය තුළ එහි හානිකර බලපෑම්වලට විශාල පිරිසක්‌ ලක්‌ ව තිබේ. මේ අතර යුද්ධය හා කිසිදු සම්බන්ධයක්‌ නොමැති ළමයින් 150,000ක්‌ පමණ පිරිසක්‌ බරපතළ විකෘති තත්ත්ව සහිතව උපත ලබා තිබීම ඉතා කණගාටුදායක වේ.

මේ රසායන ද්‍රව්‍යයෙන් දූෂණයට ලක්‌ ව ඇති ප්‍රදේශයක්‌ පවිත්‍ර කිරීමට ඇමෙරිකානු අනුග්‍රහය ඇති ව ව්‍යාපෘතියක්‌ දියත් කර තිබේ. ඒජන්ට්‌ ඔරේන්ඡ් ගබඩා කර තැබූ දනෑංග් ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපළක මේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. රසායන ද්‍රව්‍යවලින් දූෂිතව ඇති පස්‌ යාන්ත්‍රිකව ඉවත් කර අධික උෂ්ණත්වයකට ලක්‌ කිරීමෙන් එහි ඇති ඩයොක්‌සින් විනාශ කිරීම මෙහි දී සිදු කිරීමට නියමිත ය. ඒජන්ට්‌ ඔරේන්ඡ් ගබඩා කර තැබූ හා ඒ නිසා අධික ලෙස දූෂණයට ලක්‌ වූ ස්‌ථාන ගණනාවක්‌ වියට්‌නාමයේ පවතී. 1975 වර්ෂයේ දී යුද්ධය නිමා වීමෙන් පසුව මෙවැනි පවිත්‍රකරණයක්‌ සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වී ඇත්තේ පළමු වරට ය.

මෙවැනි කාර්යයක්‌ සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වීම පසුපස දේශපාලනය ද ඇති බව සත්‍යයකි. අසල්වැසි චීනය සමඟ ඇති ගැටලු හා ඇමෙරිකාව හා වියට්‌නාමය අතර මෑත කාලයේ වර්ධනය වූ සම්බන්ධතා මීට හේතු වී ඇති බවක්‌ පෙනේ. මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීමෙන් බලපෑමට පත් ඇමෙරිකානු සෙබළුන්ට වන්දි ලබා දී ඇති ඇමෙරිකාව, විපතට පත් වියට්‌නාම වැසියන්ට වන්දි ලබා දීමට තවමත් ඉදිරිපත් නො වීම මීට සාධකයකි. වන්දි ඉල්ලා වියට්‌නාම වැසියන් ගොනු කළ නඩුවක්‌ වසර කිහිපයකට පෙර නිශ්ප්‍රභ කරන ලදි. එහෙත් වන්දි ඉල්ලා සිදු කරනු ලබන ව්‍යාපාරය අඩාළ නො වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.


පුවත් සැකෙවින්


පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්


සාගරයේ වෙසෙන ජීවීන් ගේ මරණ ප්‍රමාණය ඉහළ යැම සඳහා පාරජම්බුල කිරණ වර්ගයක්‌ (UVB) හේතු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මුහුදේ වෙසෙන ඇතැම් සත්ත්ව විශේෂ මෙන්ම ශාක විශේෂවල මරණ කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ යා හැකි ය. ඉන් වැඩි ම බලපෑමකට ලක්‌ වන්නේ ප්‍රොටිස්‌ටාවන්, ඇල්ගී, කොරල් හා ක්‍රස්‌ටේසියානුවන් ය. එසේ ම මසුන් ගේ බිත්තර හා මුල් අවස්‌ථාව ද මේ කිරණවල බලපෑමට ලක්‌ වීමට ඉඩ තිබේ.

මින් ඉහත දී සිදු කරන ලද අධ්‍යයන විමර්ශනය කිරීමෙන් හෙළි ව ඇති පරිදි මේ කාණ්‌ඩවල ජීවීන් ගේ ප්‍රමාණයේ අඩු වීම හා මේ කිරණ ඉහළ යැම සමගාමී වීම වේ. ඒ අනුව මෑත කාලයේ දී වාර්තා වී ඇති සාගර ජීවීන් ගේ අඩු වීමට බලපාන හේතුවක්‌ ලෙස මෙය ද නම් කළ හැකි බව පෙන්වා දී තිබේ. ම මේ තත්ත්වය සාගර සමස්‌ත ආහාර ජාලයට ම බලපෑම් ඇති කරයි. නිදසුනක්‌ ලෙස ඉහත කී කාණ්‌ඩවල ජීවීන් ගේ අඩු වීම ඒ මත යෑපෙන සත්ත්ව විශේෂවල ගහනය අඩුවීමට ද හේතු විය හැකි ය. නිදසුනක්‌ ලෙස ඇල්ගා ජීවීන් සාගරයේ ප්‍රධාන ම ප්‍රාථමික නිෂ්පාදකයන් ය. පාරජම්බුල කිරණවලින් සාගර ජීවීන්ට සිදු විය හැකි බලපෑම් පිළිබඳව මෙවැනි අධ්‍යයන මෙතෙක්‌ කලක්‌ සිදු කර නො තිබිණි. (මූලාශ්‍රයGlobal Ecology andBiogeography, DOI: 10.1111/j.1466-8238.2012.00784.x&)


කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි

කුඩා සුළං ටර්බයින නිසා වවුලන් ගේ ගහනවල ප්‍රමාණය අඩකින් පමණ අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. එවැනි ස්‌ථාන විස්‌සක්‌ පමණ ප්‍රමාණයක සිදු කර ඇති මේ අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇති පරිදි වවුල් ගහනය 54% දක්‌වා වූ ප්‍රමාණවලින් අඩු වීමට එය බලපෑ හැකි ය. එහෙත් පක්‌ෂි ගහනවලට ඉන් බලපෑමක්‌ වී නොමැත.

පරිසර හිතකාමී බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස සුළං බලයෙන් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ලබා දෙන සහන ව්‍යාපෘති නිසා ගොවිපොළ හා ගෘහාශ්‍රිතව මෙවැනි ටර්බයින බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. එහෙත් වනජීවීන්ට හානියක්‌ නො වී පිරිසිදු බලශක්‌තිය ද ලබා ගැනීමට නම්, වවුල් වාසස්‌ථානවල සිට මීටර් 20ක දුරක්‌ ඇතුළත කුඩා සුළං ටර්බයින ස්‌ථාපිත නො කළ යුතු බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ අනුව මේවා ස්‌ථාපනය කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පැහැදිලි ය. (මූලාශ්‍රයPLoS ONE, DOI:10.1371/journal.pone.0041177)


වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන

නිව්යෝර්ක්‌ නගරය පාදක කරගත් රාජ්‍ය නො වන සංවිධානයක්‌ මඟින් ලෝකයේ වඩාත් දූෂණයට ලක්‌ ව ඇති ස්‌ථාන දහයක්‌ නම් කර තිබේ. මේ ලේඛනයකට අනුව ඉන් මුල් දහය අතරට වැටෙන ස්‌ථාන තුනක්‌ ඉන්දියාවේ ද, දෙකක්‌ චීනයේ ද පිහිටා ඇත.

මේ ස්‌ථාන අතරින් සමහරක්‌ ලෝකයේ බරපතළ දූෂණයක්‌ පැවැති ස්‌ථාන වේ. නිදසුනක්‌ ලෙස බෝපාල් හා චර්නොබිල් දැක්‌විය හැකි ය.

උක්‌ත ආයතනය මෙවැනි ස්‌ථාන පිළිබඳව කරුණු සොයා බලන අතර, ලෝකයේ ඇති මෙවැනි ස්‌ථානවල පවත්නා පරිසර දූෂණය නිසා බලපෑමට ලක්‌ ව ඇති පිරිස ඉතා විශාල ය.

වියට්‌නාම වැසියන් ගේ විමුක්‌ති අරගලය ඒජන්ට්‌ ඔරේන්ඡ් මඟින් නවතාලිය නොහැකි වූ බව මෙහි දී සිහිපත් කළ යුතු ම ය. එය නිමා වූයේ ඇමෙරිකාව හා එහි සහාය ලැබූ දකුණු වියට්‌නාම රජය පරදා ලද ජයග්‍රහණයෙනි. (source VIDUSARA Science Magazine Sri Lanka )

Monday, August 13, 2012

Right to Land.


 Irudeniyaya Farmers collaborative meeting


Irudeniyaya Farmers collaborative meeting at Valagambapura society hall
Organized by VIMUKTHI farmer organization. and Praja Sansadaya.
10/09/2012
Participants.
* VIMUKTHI farmer organization leaders and members
*Kattanberiya yaya farmer leaders.
*Irudaniyaya farmer leaders.
*Pothuwil yaya farmer leaders.
*Babaragala yaya farmer leaders.
*Mahapitiya  yaya farmer leaders
*Leaders of Praja sansadaya
*NAFSO and Praja abilasha network members
All together more than 60 farmers and women participated
Objective of the meeting
01. To identify the present situation of the Issues which they work out
*Struggle for getting ownership of the land.
*To bring the elephant human coexistence
02. Farmers have gone to the court case to get their land rights. Find out the situation.
03. To plan out advocacy campaign for main two issues.  
Discussion summary
*We lost our hope because we have met political leaders and authorities many times but we did not get positive actions from them.   
*They critically analyze the present political situation.
-We vote this government .So we have right challenge them to get our rights.
- Most of the ministers and parliamentary leaders promised to solve our problems but they said to the administrative follow the rules .That mains they have two faces.
-  They give more attentions for their benefits. So we have to give up day by day our area.
- We lost the justice from the judiciary.
*They felt lack of empowerment of the farmers.
-  We have more than 3000 farmer families but when we work for our right only few joint for the process.
-Unity of the farmers were very limited
-Secondary leadership was not come out
-We did many activities but we did not have on going process for the campaign. 

 Decision for the advocacy campaign   
-  Conduct the framer organizations leaders meeting for the plan out and finalize the campaign process within a week.[ Responsibility –Vimukthi farmer leaders, Bandara,and Aberathna  with Praja sansadaya ]
-To meet Ministry of wild life Mr.Chandrasekara personally in his house.[Respo- Mr Bandara ]
-To get the appointment to meet President Mahinda Rajapaksha 



-To continue the court case and plan to get financial support from the CSO
-Continue dialogue with authorities. 
-Start the pocket meting in each village in next month.
- Plan national level protest in Colombo.
They ask support from the NAFSO and PRAJAABILASHA. Laksiri Fernando and Priyankra costa participate that meeting             

Tuesday, July 10, 2012

ඊඩිස්‌ ද? අපි ද?

කිසිදු විවාදයකින් තොර ව වත්මන් ශ්‍රී ලංකාවේ වැඩි ම මහජන අවධානයක්‌ දිනාගත් සෞඛ්‍ය ප්‍රශ්නය ලෙස ඩෙංගිs හඳුන්වා දිය හැකි ය. ඒ පිළිබඳ උනන්දුව රටපුරා උපරිමව ඇවිලී තිබුණ ද ඩෙංගි මාරයාට ගොදුරු ව අකාලයේ මිලින වන මිනිස්‌ ජීවිත පිළිබඳව දිනෙන් හද කකියවන පුවත් රටේ සිව් කොනින් අසන්නට ලැබේ. කෙතෙක්‌ කළත් මෙපමණකැයි කියා අත පිස දා ගත නොහැකි මේ බරපතළ අභියෝගයට මුහුණ දීමේ වගකීම අප සියලු දෙනා කරපිට පැටවී ඇත.

රජය, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය රොක්‌ වී දියත් කරන විවිධ ක්‍රියාන්විතයන් නිසා ඩෙංගි මාරයාට අප සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ඇතැම් පාර්ශ්ව පවසයි. එහෙත් රෝගීන් හා මරණ ඉලක්‌කම් පෙන්වන තවත් පාර්ශ්ව තර්ක කරන්නේ මර්දන කටයුතුවල හිඩැස්‌ ඇති බව ය. ඩෙංගි තර්ජනයට එරෙහි ව සියලු පාර්ශ්ව තුමන හෝ දායකත්වයක්‌ එක්‌ කරන බව නම් අපට අවිවාදිතව පිළිගැනීමට සිදු වේ. එසේ නම් තවමත් ඩෙංගි "නොකවුට්‌" කිරීමට අප අපොහොසත් වී ඇත්තේ ඇයි?

ඩෙංගි අප රට තුළ හිස එසවූ ආකාරය

මේ වන විට ලොව රටවල් 100ක්‌ පමණ ඩෙංගු ආක්‍රමණයට ගොදුරු ව ඇත. වසරකට ලොව පුරා ඩෙංගි රෝගීන් මිලියන 50ක්‌ පමණ වාර්තා වන බව ද මරණ 22000ක්‌ පමණ සිදු වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයයි. මේ අගයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අප වටහා ගත යුතු ය.

අප රටේ පළමු වරට ඩෙංගි රෝගියකු වාර්තා වන්නේ 1962 වසරේ දී ය. එතැන් පටන් කෙමෙන් හිස එසවූ ඩෙංගි 2000 වසරේ පමණ බටන් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ ලෙස මතු විය. ඉනික්‌බිති සැම වසරක ම අවම වශයෙන් රෝගීන් 5000ක්‌ වත් වාර්තා වන්නට විය. 2002, 2004, 2006 හා 2009 බිහිසුණු ඩෙංගි වසංගත තත්ත්ව වාර්තා විය. ඒ ඒ වසරවල වාර්තා වූ ඩෙංගි රෝගීන් හා මරණ සංඛ්‍යාවන් පහත වගුවේ දැක්‌වේ. මෙයින් 2009 වසර ඉතිහාසගත වන්නේ ඩෙංගි නිසා වැඩි ම හානියක්‌ සිදු වන වර්ෂය ලෙසිනි. එම වසර තුළ දී 35000ක්‌ පමණ රෝaගයට ගොදුරු වෙද්දී වටිනා ජීවීත 346ක්‌ ඩෙංගි මාරයාට බිලි විය. 2011 වසරේ දී රෝගීන් 28000ක්‌ පමණ හා මරණ 185ක්‌ අසන්නට ලැබිණ.

ඩෙංගි රෝගය පසුගිය දශකය මුළුල්ලේ ක්‍රමයෙන් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ ලෙස අප රට තුළ ව්‍යාප්ත වී ඇති බව දැන් පැහැදිලි ය. වසර 2-3කට වරක්‌ වසංගත තත්ත්වයක්‌ ලෙස ඉස්‌මතු වූ ඩෙංගි ඒ අතරතුර කාලයේ ද නො නිදා සිටි බව වගුවෙන් පැහැදිලි වේ. 2012 දී යළිත් ඩෙංගි රකුසා බිහිසුණු ලෙස අවදි විය හැකි බවට පෙරනිමිති පහළ ව ඇත. මේ වන විට වසර තුළ රෝගීන් 12454ක්‌ ද, මරණ 75ක්‌ ද වාර්තා වී ඇත. පසුගිය වසර කිහිපය තුළ දක්‌නට ලැබුණු රෝග ව්‍යාප්ති රටාව අනුව දැනට තත්ත්වය මෙය නම් ඉදිරි මාස කිහිපය තුළ රෝගීන් ගේ විශාල ඉහළ යැමක්‌ අපේක්‌ෂා කළ හැකි ය. මැයි මාසය තුළ ඩෙංගි සතියක්‌ ප්‍රකාශයට පත් කළ බලධාරීහු යළිත් ඩෙංගි වෙනුවෙන් මාසයක්‌ ම කැප කිරීමට යති. සෞඛ්‍ය සේවය මත පමණක්‌ නො යෑපී සමාජයේ සියලු ස්‌තරයන් යුහුසුලුව ක්‍රියාත්මක නො වුණ හොත් 2009ටත් වඩා ශෝචනීය තත්ත්වයක්‌ උදා වීම වැළැක්‌විය නොහැකි වනු ඇත.

වෙස්‌ මාරු කළ ඩෙංගි රකුසා

ඩෙංගි පිළිබඳව අප මෙතෙක්‌ දැන සිටි බොහෝ දැ වෙනස්‌ වෙමින් යන බව ප්‍රත්‍යක්‌ෂ ය. ඩෙංගි රෝගයේ ව්‍යාප්තිය මෙන්ම වාහක මදුරුවා ගේ ගති ස්‌වභාවයන් ද පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන වෙනස්‌කම්වලට ලක්‌ වූ බව වසංගත රෝග විද්‍යාඥයන් ගේ මතයයි.

භූගෝලීය ව්‍යාප්තිය

කොළඹ, ගම්පහ, කළුතර, නුවර යන දිස්‌ත්‍රික්‌ක දැනට ඩෙංගි ග්‍රහණයට තදින් ගොදුරු ව ඇත. එහෙත් මේ වන විට ඩෙංගි අවදානමෙන් තොර යෑයි දැක්‌විය හැකි ප්‍රදේශයක්‌ නැති තරම් ය. මෙතෙක්‌ ඩෙංගි පිළිබඳව අසන්නට නො ලැබුණු නුවරඑළිය, බදුල්ල, මාතලේ ආදී දිස්‌ත්‍රික්‌කවලින් පවා දැන් දැන් රෝගීන් වාර්තා වේ. 2004 වසංගත අවස්‌ථාවේ දී රෝගීන් 100කට වඩා වාර්තා වූ දිස්‌ත්‍රික්‌ක 7ක්‌ තිබූ අතර 2007 දී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 21ක ම රෝගී ගණන 100 ඉක්‌මවී ය. මෑත කාලීන සීමා මායිම් බිඳ ලමින් මුළු ලංකාව ම ඩෙංගි මාරයා ගේ සෙවනැල්ලට ගොදුරු වූ ඇයුරු මෙයින් පැහැදිලි වේ. දැන් ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 26න් ම රෝගීන් වාර්තා වේ. ඩෙංගි යනු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වන රෝගයක්‌ ලෙස සිතා සිටිය ද ඈත ග්‍රාමීය ප්‍රදේශවලින් පවා දැන් දැන් රෝගීන් වාර්තා වේ. මදුරු ව්‍යාප්තිය පුළුල් වීමට දේශගුණික වෙනස්‌කම් හේතුවක්‌ වී ඇති බව ද පැහැදිලි ය. ගෝලීය උණුසුම් වීම කෙරෙහි මෙහි වගකීම පැටවීම සාධාරණ ය.

රෝගයට ගොදුරු වන වයස්‌ සීමාව

ඩෙංගි කී පමණින් අපට සිහිපත් වන්නේ දරුවන් ය. එහෙත් මේ වන විට රෝගයට ගොදුරු විය හැකි අවදානම් වයස්‌ සීමාවන් වෙනස්‌ වී ඇත. 1996 වසරේ 60%ක්‌ රෝගීන් අවුරුදු 15ට වැඩි අය ලෙස වර්තා වුව ද 2007 වන විට තත්ත්වය වෙනස්‌ වූයේ 60%ක්‌ රෝගීන් අවුරුදු 16ට වැඩි අය ලෙස වාර්තා වූ බැවිනි. ලංකාවේ ඩෙංගි රෝගීන් දෙස බලන විට බහුතරයක්‌ අවුරුදු 5-9 අතර හා 20-24 අතර වයස්‌වල පසු වන අය බව පෙනේ. ඉතා කුඩා වයසේ දී, මහලු වියේ දී, ගර්භණී සමයේ දී, වෙනත් දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන විට රෝගයට ගොදුරු වීම, රක්‌තපාතය, කම්පනය වැනි බරපතළ තත්ත්වවලට යැමට වැඩි අවදානමක්‌ සහිත වේ.
රෝගය ව්‍යාප්ත වන කාල සීමාව

පසුගිය වසර කිහිපය පුරා ම ඩෙංගි හිස එසවූයේ මෝසම් වැසි සමයන් සමඟිනි. නිරිතදිග මෝසමත් සමග මැයි-ජූලි වකවානුවේ ඩෙංගි ප්‍රබල ලෙස මතු වන්නට පටන් ගනී. තව ද ඊසානදිග මෝසමත් සමග ඔක්‌තේබර්-දෙසැම්බර් සමය තුළ යළිත් හිස ඔසවන බව නිරීක්‌ෂණය කළ හැකි ය. අදාළ කාල සීමාවන් තුළ වැඩි අවධානයක්‌ යොමු කළ යුතු වුව ද මෙහි දී මේ ආකාරයෙන් වසරේ යම් යම් කාලවලට සීමා කර තැබීම නුවණට හුරු නැති බව වසංගත රෝග විද්‍යාඥයන් ගේ මතයයි. ඒ දැන් වසර පුරාවට ම ඩෙංගි රෝගෘSන් වාර්තා වන ස්‌වභාවයක්‌ දක්‌නට ලැබෙන බැවිනි. එයින් උගත යුතු පාඩම ඩෙංගි සතියට හෝ මාසයට හෝ සීමා නො වී රෝග මර්දන කටයුතු පිළිබඳව වසර මුළුල්ලේ ම අවදියෙන් සිටිය යුතු බවයි.

2011 දත්ත විමසන විට පෙනී යන්නේ ජනවාරී හැරුණු කල (933) වර්ෂයේ අනෙක්‌ සැම මාසයක ම ඩෙංගි රෝගීන් ගණන 1000 ඉක්‌මවා තිබූ බවයි. වැඩි ම රෝගීන් ගණනක්‌ වාර්තා වී තිබුණේ ජූලි (4817) හා දෙසැම්බර් (4463) මාසවලිනි.

ඩෙංගි වයිරසයේ ඇති වූ වෙනස්‌කම්

ඩෙංගි රෝගය සෑදීම, එය රක්‌තපාත තත්ත්වය (Dengue Haemmaragic fever) දක්‌වා උත්සන්න වීම, කම්පනයට (Shock) ලක්‌ වී මිය යැම සිදු වූ ස්‌වරූපය පසුගිය වසර කිහිපය තුළ දී විපර්යාසයන්ට ලක්‌ වූ බව පෙනෙන්නට තිබිණ. විශේෂයෙන් ම ඩෙංගි ආසාදනයන්ට ලක්‌ වූ රෝගීන් ඩෙංගි උණ තත්ත්වයේ සිට (පූර්ව ලකුණු නො පෙන්වා) එකවර ඩෙංගි රක්‌තපාත තත්ත්වයට හා ඩෙංගි කම්පනයට ගමන් කිරීම දැකගත හැකි ය. මෙබඳු අවස්‌ථාවල වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පවා අසරණ වූ අතර මරණ සංඛ්‍යාව ඉහළ යැමට ද එය හේතුවක්‌ විය. ඩෙංගි පිළිබඳව අප එතෙක්‌ දැන සිටි සායනික (Clinica) දැනුම වෙනස්‌ ව ඇති බව පැහැදිලි ය. ඩෙංගි වයිරසයේ ඇති වෙනස්‌කම් නම් මේ තත්ත්වයට වගකිය යුතු ව ඇතැයි වෛද්‍යවරු මත පළ කරති. වයිරසය ජානමය විපර්යාසයන්ට ලක්‌ වීම මීට ආසන්න ම හේතුව වශයෙන් දැක්‌විය හැකි ය.

වාහක මදුරුවා ගේ ඇති වූ වෙනස්‌කම්

ඩෙංගි වාහක මදුරුවා ගේ හැසිරීම හා ජීවන චක්‍රය ද කැපී පෙනෙන වෙනස්‌කම්වලට ලක්‌ වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට රෝගයේ භූගෝලීය ව්‍යාප්තිය කෙරෙහි මෙය හේතු වී ඇත. මදුරු මර්දනය සඳහා අවිචාරවත් ලෙස රසායනික ක්‍රම භාවිතය නිසා අදාළ රසායනිකයන්ට මදුරුවන් අනුවර්තනය වෙමින් ඇත. බිත්තර හරහා ඊළඟ පරම්පරාවන්ට ඩෙංගි වයිරසය සම්ප්‍රේෂණය වන බව දැන් අනාවරණය වී ඇත.

ඩෙංගි රෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේ ද යන්න අද කාගේත් මුවග රැඳී ඇති පැනයයි. සෞඛ්‍ය බලධාරීන් ගෙයින් ගෙට ගොස්‌ පරීක්‌ෂා කර මදුරු කීටයන් බෝ විය හැකි ස්‌ථාන සොයාගත් පමණින්, කාටත් පෙනෙන්නට දුම් ගැසූ පමණින් හෝ BTI ආශ්චර්ය භාවිත කළ පමණින් රට පුරා හිස ඔසවන ඩෙංගි උවදුර මැඬලිය හැකි ද? ඩෙංගි ක්‍රියාන්විතයේ මූලික විෂය පථය මෙසේ ලඝූ කොට දැක්‌විය හැකි ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට නම් ඉහත කී මර්දන ක්‍රම සියල්ල අවස්‌ථාවෝචිත ලෙස සංකලනයක්‌ ලෙස ක්‍රියා කළ යුතු බවයි. එසේ ම ප්‍රදේශයේ භූගෝලීය හා දේශගුණික තත්ත්වය, මදුරු ගහණය හා රෝගීන් සංඛ්‍යාව ආදී සාධක ද සලකා බැලිය යුතු වේ. එසේ ම ප්‍රායෝගික පහසුව හා වියදම ද සැලකිල්ලට ගත යුතු ය. කුමන ප්‍ර්‍රදේශවල කවර මර්දන ක්‍රම භාවිත කළ යුත්තේ ද යන්න නිර්ණය කිරීම සෞඛ්‍ය බලධාරීන් ගේ කාර්යයභාරයයි. මෙහි දී කීට විද්‍යාඥයන් ගේ සහාය ද ඉතා වැදගත් වේ. දේශපාලන නායකයන් ගේ හා සිවිල් සමාජයේ සහාය ද සැලකිල්ලට ගත යුතු ය. එහෙත් ඇතැම් විටක මේ පාර්ශවවලින් විද්‍යාත්මකව එතරම් ඵලදායි නැතැයි තහවුරු වූ මර්දන ක්‍රම (ධූමායනය වැනි) කෙරෙහි වැඩි ඉල්ලුමක්‌ ලැබේ. එවිට විද්‍යාත්මකව තහවුරු වී ඇති මර්දන ක්‍රම තෝරාගත යුතු ය.

ඩෙංගි මදුරුවා ගේ ජීවන චක්‍රය විමසන විට පැහැදිලි වන්නේ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන විනාශ කිරීම වඩාත් සාර්ථක මර්දන ක්‍රමය බව ය. එබැවින් ඩෙංගි මර්දනයේ දී මේ කරුණ සම්බන්ධයෙන් නිතිපතා නැවත නැවත අවධානය යොමු කළ යුතු ය.

නාගරික ප්‍රදේශ හා ග්‍රාමීය ප්‍රදේශ සලකන විට සුලබ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන වෙනස්‌ වන බව හඳුනාගත හැකි ය. නාගරික ප්‍රදේශවල ප්ලාස්‌ටික්‌ කප්, ඉවත ලන ටින්, බෝතල් දක්‌නට ලැබේ. ග්‍රාමීය ප්‍රදේශවල පොල් කටු, ගස්‌ බෙන, ජලය රැඳෙන පත්‍ර සහිත ශාක (නාගරික නිවාසවල ද මෙබඳු විසිතුරු ශාක ඇත) හා ජලය එකතු විය හැකි බිම වැටුණු ශාක පත්‍ර ආදිය ඩෙංගි මදුරුවා බිජු ලන ස්‌ථාන විය හැකි ය. නාගරික ප්‍රදේශවල කසළ බැහැර කරන ස්‌ථාන, ගොඩනැ`ගිලි ඉදි කිරීම් පරිශ්‍රයන් හා සුසාන භූමි, (ජලය එක්‌ රැස්‌ වන ලෙස තනනු සොහොන් කොත්) ඩෙංගි මදුරුවන්ට බිජු දැමිය හැකි සරු ස්‌ථාන වේ. මේ ස්‌ථාන කෙරේ මහජනතාව ගේ පෞද්ගලික අවධානය යොමු විය යුතු ය. තව ද නිවාසවල ශීතකරණ පිටුපස, කාර්යාලවල වායුසමන යන්ත්‍ර පිටුපස, ජලය රැඳෙන ස්‌ථාන රැසක්‌ ඇසට සැ`ගවී තිබිය හැකි ස්‌ථාන වේ. එසේ ම නිවාසවල හා ගොඩනැඟිලිවල වැහි පීලී ද (බොහෝ විට ශාක පත්‍ර වැටී ඒවා සිර වූ විට) නිතර පිරිසිදු කළ යුතු ය.

BTI (Bacillus thuringiensis israelensis) බැක්‌ටීරීයාව භාවිත කර පහසුවෙන් ඩෙංගි මාරයා අතු ගා දැමිය හැකි ද යන්න ගැන පසුගිය දා විශාල මහජන අවධානයක්‌ යොමු ව තිබිණි. එය එක්‌ එක්‌ රටක සාර්ථක වූ පමණින් වෙනත් රටක සාර්ථක ප්‍රකිඵල පෙන්වනු ඇතැයි බලපාපොරොත්තු විය නොහැකි ය. ලංකාවේ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන කවරේ දැයි විමසන කල පෙනී යන්නේ ජලය එක්‌රැස්‌ විය හැකි ඉවත දැමූ භාජන ඉන් ප්‍රමුඛතාවක්‌ ගන්නා බවයි. ඉදින් මේ එකින් එකට BTI දැමීම ප්‍රායෝගිකව කළ නොහැක්‌කකි. පොල් කෝම්බ, යෝගට්‌ කෝප්ප එකින් එක ගෙන BTI (දියරය) වත් කිරීමට දරන මහන්සියෙන් ඉතා පහසුවෙන් ඒවා ඉවත් කළ හැකි නො වේ ද? එහෙත් ඉතා කාර්යක්‌ෂ්ම ජෛව විද්‍යාත්මක කීට මර්දන ක්‍රමවේදයක්‌ වන BTIවල සීමාවන් හා භාවිතයන් පිළිබඳ නිසි දැනුම මහජනතාවට ලබා දිය යුතු වේ.

අධි වසංගත තත්ත්ව මතු ව ඇති ප්‍රදේශවල ඒ වන විට සිටින වැඩිහිටි මදුරුවන් ගහණය පාලනය කිරීමට ධූමායනය (Fogging) ප්‍රයෝජනවත් වේ. එහෙත් එය දිගින් දිගට ම කිරීම උචිත නො වේ. දුම් ගැසීමෙන් එක්‌ වරක්‌ වැඩිහිටි මදුරු පරම්පරාවවිනාශ කළ ද කීටයන් ඉතිරි වන බැවින් සතියක්‌ ඇතුළත කීටයන් ගෙන් තවත් පරම්පරාවක්‌ බෝ වීම සිදු වේ. සීමීත වශයෙන් යොදාගත යුතු මර්දන ක්‍රමයක්‌ වූ ධූමායනය සිදු කළ ද මදුරු කීටයන් බෝ වන ස්‌ථාන වැනසීම දිගට ම ඉහළ ප්‍රමුඛතාවකින් සිදු විය යුතු ය. මේ නිසා දුම් ගැසූ පමණින් ඔක්‌කොම හරි යෑයි සිතා නිවාස අවට පිරිසිදු කිරීම අතපසු කළ හොත් තත්ත්වය නරක අතට හැරිය හැකි ය. (මීට අමතරව ඇදුම රෝගීන් ඇති පරිසරයක එම රෝගය උත්සන්න වීමට ද ධූමායනය බලපෑ හැකි ය).

මේ සියලු මර්දන කටයුතු සාර්ථක වීමට නම් රෝගය මතු වන ස්‌ථාන හා ව්‍යාප්ත වන රටාව හැකි තරම් ඉක්‌මනින් හඳුනාගැනීමට (Suveillance) ශක්‌තිමත් ක්‍රමවේදයක්‌ තිබීම වැදගත් වේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා වංසගත රෝග විද්‍යා ඒකකය (pidemiology unit) මෙහෙයවීමෙන් පුළුල් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වේ. බෝ වන රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමට යොදා ඇති සාමාන්‍ය ක්‍රමයට අමතරව ඩෙංගි රෝගීන් රෝහල් වෙත වාර්තා වූ ක්‍ෂණයකින් ඔවුන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙත හා වසංගත රෝග විද්‍යා අංශය වෙත දැනුම් දීමට විධිමත් ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය කර ඇත. එමඟින් අදාළ ප්‍රදේශවල මර්දන වැඩසටහන වහා ඇරඹීමට උපදෙස්‌ සැපයේ. එමඟින් යම් ස්‌ථානයකින් රෝගීන් වැඩිපුර වාර්තා වන්නට වූ විගස ඒ කෙරෙහි යොමු වී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අවකාශ සැලකේ.

එහෙත් පෞද්ගලික අංශයේ සෞඛ්‍ය ආයතනවලින් හා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගන්නා ඩෙංගි රෝගීන් පිළිබඳ දත්ත මේ ක්‍රියාවලිය වෙත ලැබීමේ යම් ඌනතාවක්‌ පැවතීම රෝග මර්දන කටයුතු විධිමත් කිරීමට බාධාවක්‌ වී තිබේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මදුරු කීට ගහණ පිළිබඳ නිරීක්‍ෂණයක්‌ (Entemolgical Suveillance) කොට නොබෝ කලකින් එහි ඩෙංගි හිස ඔසවන බවට පූර්ව නිගමනයක්‌ කළ හැකි ය. සැබැවින් ම රෝගීන් වාර්තා වන තෙක්‌ කල් නො මරා මේ ආකාරයෙන් පෙරැයීම් කිරීමට හැකි නම් කල් තියා මර්දන කටයුතු ක්‍රියාත්මක කර එම ප්‍රදේශයේ රෝගය සාර්ථකව පාලනය කළ හැකි ය. (රෝගීන් වාර්තා වන්නට පටන් ගන්නේ යම් ප්‍රදේශයක ආසාදිත මදුරු ගහණය ස්‌ථාපිත වූ පසු ව ය.) එබැවින් මේ කීට දත්ත රෝග මර්දන කටයුතු කාර්යක්‌ෂ්ම කිරීම සඳහා ඵලදායි ලෙස භාවිතයට ගත යුතු ය. එහෙත් ඒ සඳහා අවැසි සම්පත් හා දැනුම හිඟකම දැනට ගැටලුවක්‌ ව පවතී.

ඩෙංගි මර්දන කටයුතු සාර්ථකව දියත් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සපයා දී ඇත්තේ 2007 අංක 11 දරන මදුරු මර්දන පනතිනි. මදුරු කීටයන් බෝ විය හැකි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහි ව ඉතා දැඩි පියවර ගත හැකි ශක්‌තිමත් නීතිමය පියවර එහි අඩංගු ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මඟින් මේ විධිවිධාන ක්‍රියාත්මක වේ. දේශපාලන බලපෑම්වලින් තොර ව, තරාතිරම නො බලා මේ නීති බලාත්මක කිරීම ඩෙංගි මදුරුවාට එරෙහි සටන ශක්‌තිමත් කිරීමට විශාල පිටටිවහලක්‌ වනු ඇත.

එහෙත් කොළඹ, ගම්පහ, කළුතර දිස්‌ත්‍රික්‌වල තත්ත්වය මැඬලීම තවමත් උභකෝටිකයක්‌ ව ඇත. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව නිසි පරිදි කැළිකසළ කළමනාකරණය නො කිරීම, නාගරික ජීවන රටාව හා සබැඳි ප්ලාස්‌ටික්‌ බඳුන් හා ටින් මෙන්ම අදාළ ප්‍රදේශවල අධික ජන ඝනත්වය ද අභියෝගයක්‌ ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය, රෝගීන් වාර්තා වූ ප්‍රදේශ අනුව ඩෙංගි සඳහා අධි අවදානම් දිස්‌ත්‍රික්‌ක හා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ හඳුනාගෙන ඇත. එම ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය ඉලක්‌කගත විය යුතු ය. 2012 වසර තුළ මේ දක්‌වා රෝගීන් ගෙන් ද, මරණවලින් ද බහුතරය වාර්තා වන්නේ බස්‌නාහිර පළාතෙන් බව අප සැලකිල්ලට ගත යුතු ය.

ඉහත පැහැදිලි කළ ආකාරයට ඩෙංගි රෝගය වඩා රුදුරු වෙස්‌ ගෙන තිබීම හා අනපේක්‍ෂිත ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වීම ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන්ට අභියෝගයක්‌ ව ඇත. මේ තත්ත්වය තේරුම් ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය ඩෙංගි රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ මාර්ගෝපදේශන (Clinical Guidelines) මාලාවක්‌ ප්‍රකාශයට පත් කළේ ය. ඩෙංගි මරණ ගණනාවක්‌ විශේෂඥ මඬුල්ලක්‌ විසින් තොරතුරු එක්‌රැස්‌ කර ගැනීමෙන් අධ්‍යයනයට ලක්‌ කර පිළියෙල කෙරුණු මේ මාර්ගෝපදේශන මාලාව දැනට බොහොමයක්‌ රජයේ හා පෞද්ගලික රෝහල්වල ඩෙංගි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී භාවිතයට ගන්නා අතර සියලු ම සෞඛ්‍ය ආයතන මීට අනුගත විය යුතු ය.

කලින් සිතා සිටි ආකාරයේ ඩෙංගි උණ සැදී, රක්‌තපාත තත්ත්වය ඇති වී අනුක්‍රමයෙන් කම්පනයට ලක්‌ වීම වෙනුවට ඩෙංගි උණ එකවර කම්පන අවස්‌ථාවට පත් විය හැකි ය යන්න ප්‍රතිකාර කිරීමේ දී සැලකිල්ලට ගත යුතු ය.

එසේ ම ඩෙංගි රෝගියකු අසාධ්‍ය තත්ත්වයට පත් වීම හඳුනාගත හැකි මූලික ලක්‍ෂණ, කළ යුතු පරීක්‍ෂා එහි අන්තර්ගත ය. ප්‍රතිකාර සම්බන්ධයෙන් සුවිශේෂී ම වෙනස්‌කම සිදු වූයේ රෝගීන්ට ශිරාගත දියර (IV fluids) හෙවත් පොදු වහරේ හැඳින්වෙන පරිදි සේලයින් ලබා දීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි මාර්ගෝපදේශන හඳුන්වා දීම ය. අද වන විට ඩෙංගි රක්‌තපාත තත්ත්වය ඉක්‌මනින් හඳුනාගන්නා බවත්, ඔවුන් ඉක්‌මනින් රෝහල් ප්‍රතිකාර කරා යොමු වන බවත් නිරීක්‍ෂණය කළ හැකි ය. පසුගිය වසරවල ඇතැම් රෝගීන් රෝහල් කරා රැගෙන අවේ අශ්වයා පැන ගිය පසු ය. එනම් කම්පන තත්ත්වයට ලක්‌ වීමෙන් අනතුරු ව ය.

ඩෙංගි මර්දනයේ පෙරමුණ ගත යුත්තේ කවුද? එහි සම්බන්ධීකරණය සිදු කළ යුත්තේ කවුරුන් ද? මේ සම්බන්ධව පසුගිය කාලය පුරා ම විවිධ පර්ශ්ව අතර යම් යම් කඹ ඇදීම් සිදු වූ බව රහසක්‌ නො වේ. ජාතික තලයේ මෙන්ම ප්‍රාදේශීය මට්‌ටමින් ද මෙය දක්‌නට ලැබිණ. ඩෙංගි මර්දන කටයුතු දියත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට තනි ව ඉසිලිය හැකි බරක්‌ නො වන හෙයින් අනෙකුත් විෂයයන් ද සම්බන්ධීකරණය කරමින් ඊට ඉහළින් පිහිටි ආයතනයක්‌ ලෙස ඩෙංගි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය 2010 දී පිහිටුවිණි. එහි අරමුණක්‌ වූයේ සියලු ම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන ඩෙංගිවලට එරෙහි පොදු ඉලක්‌කයක්‌ වෙනුවෙන් පෙළගැස්‌වීම ය. මෙහි දී එක්‌ එක්‌ පාර්ශ්ව අතර මනා සම්බන්ධීකරණය ඉතා වැදගත් සාධකයකි.

දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ද දිස්‌ත්‍රික්‌ ලේකම්, දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ගේ ප්‍රමුඛත්වයෙන් අනෙකුත් අංශවල සම මට්‌ටමේ නිලධාරීන් ගේ ද සහභාගිත්වයෙන් ඩෙංගි මර්දන කමිටු පිහිටුවා අදාළ කටයුතු සම්බන්ධීකරණය දැනට සිදු වේ. ඇතැම් දිස්‌ත්‍රික්‌කවල මේවා හොඳින් ක්‍රියාත්මක වුව ද සමහර තැන්වල නිසි සම්බන්ධිකරණයක්‌ දක්‌නට නො ලැබේ. හුදෙක්‌ ඩෙංගි මර්දනයේ වගකීම් පිළිබඳ බෝලය එක්‌ එක්‌කෙනාට "පාස්‌ කිරීම" නො විය යුතු ය. ප්‍රාදේශීය මට්‌ටමේ දී ප්‍රාදේශීය ලේකම් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රාදේශීය ඩෙංගි කමිටු රැස්‌ වේ. මීට අමතරව පළාත් පාලන ආයතන, මධ්‍යම පරිසර අධිකාරිය, හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක කමිටු, රාජ්‍ය නො වන ආයතනවල දායකත්වය හා සම්බන්ධීකරණය කමිටුවලට ලැබිය යුතු ය. ප්‍රශස්‌ථ සම්බන්ධීකරණයක්‌ ඇති තැන්වල ඩෙංගි මර්දන වැඩපිළිවෙළ සාර්ථක වන ආකාරයත්, එකිනෙකා අතර කඹ ඇදගන්නා තැන්වල මර්දන කටයුතු දුෂ්කර වී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නට ඇත.

ජාතික මට්‌ටමේ දී ඩෙංගි රෝග ව්‍යාප්තිය පිළිබඳ දත්ත රැස්‌ කිරීම හා ඒ පිළිබඳ අදාළ අංශ වෙත අනතුරු ඇඟවීම් කිරීම (Surveillance) පිළිබඳ වගකීම වසංගත රෝග විද්‍යා අංශයට පැවරී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැර විශේෂිත වැඩපිළිවෙළක්‌ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ය. තව ද රෝගීන්ට ප්‍රතිකාර කිරීම විධිමත් කිරීමට අදාළ පියවර ගැනීම ද (එනම් සායනික මාර්ගෝපදේශන සැපයීම) වසංගත රෝග විද්‍යා අංශය මඟින් සිදු වේ. දිවයින පුරා රෝග මර්දන කටයුතු මෙහයවීම හා අවශ්‍ය මඟපෙන්වීම් කිරීමට විශේෂයෙන් ජාතික ඩෙංගි මර්දන ඒකකයක්‌ පිහිටුවා ඇත. එමඟින් විවිධ ස්‌ථරවල දී ඩෙංගි පාලන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සිදු වීම වැදගත් ප්‍රවේශයකි. මීට අමතරව මදුරු කීටයන් බෝ වීම පිළිබඳ නිරීක්‍ෂණ සිදු කරමින් (Entemolgical Suveillance)) කීට මර්දන කටයුතු සඳහා උපදෙස්‌ දීමේ කාර්යය ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වෙත පවරා ඇත. මේ ආකාරයෙන් ඩෙංගි මදුරුවාට එරෙහි ක්‍රියාන්විතයේ ප්‍රධාන වගකීම් දස දෙසින් ම ක්‍රියාත්මක වේ.

අද සතියේ විමසුම
වෛද්‍ය අමිල චන්ද්‍රසිරි

Source: 2012 JULY 4th  VIDUSARA Paper

Friday, June 29, 2012


ඉන්දු නිම්න ශිෂ්ටාචාරය
දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ වන අයුරු


ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හෙවත් මොහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ටාචාරය ආසියානු කලාපයේ මානව ඉතිහාසයේ වැදගත් ශිෂ්ටාචාරයකි. මේ ශිෂ්ටාචාර නාගරික ලක්‌ෂණ තිබූ ශිෂ්ටාචාර අතර වැදගත් එකක්‌ වේ. එය පොදු වර්ෂ පූර්ව 3200 පමණ සිට 1000 පමණ දක්‌වා පැවැති බව මෙතෙක්‌ හෙළි වී ඇති කරුණු අනුව පැහැදිලි ය. අදින් වසර 3,900කට පමණ පෙර (එනම් පොදු වර්ෂ පූර්ව 1900 දී පමණ) මේ ශිෂ්ටාචාරයේ අවනතිය ආරම්භ වී තිබේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්නේ ආසියාවේ මෝසම් වැසි වැටෙන සීමාවේ මායිමේ හා ඉන් ඔබ්බෙන් පිහිටා ඇති ශුෂ්ක කලාපයේ ය. මේ ප්‍රදේශය හරහා ගමන් කරන ඉන්දු නදියේ නිම්නය ඔස්‌සේ මේ ශිෂ්ටාචාරය පැතිර තිබිණි. මේ වන විට කරුණු අනාවරණය වී ඇති ආකාරයට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශය සමකාලීන ඊජිප්තුවේ හා මෙසපොතේමියාවේ සමස්‌ත ජනාවාස පැතිර තිබූ ප්‍රදේශයට වඩා විශාල ය. එය වර්ග කිලෝමීටර් මිලියනයකටත් වැඩි ප්‍රදේශයක්‌ පුරා පැතිර තිබිණි. එහි සමෘද්ධිමත් ම අවධියේ ජනගහනය මිලියන පහකට අධික වූ බව සැලකේ. වර්තමාන පාකිස්‌තානය, ඊසානදිග ඉන්දියාව හා ඇෆ්ඝනිස්‌තානයෙන් කොටසක්‌ පුරා මේ ශිෂ්ටාචාරයේ නටබුන් හමු වේ. එය හරප්පා ශිෂ්ටාචාරය ලෙස හැඳින්වෙන්නේ මේ පිළිබඳ මුලින් ම කරුණු අනාවරණය වූ ප්‍රදේශය හරප්පාව නිසා ය. ඇතැම් විට මොහෙන්දොජාරෝ-හරප්පා ලෙස ද මෙය හැඳින්වේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ලෝකයේ මුල් ම නාගරික සංස්‌කෘතීන් අතරින් එකක්‌ වේ. ගඩොලින් තැනූ නගර, ජලවහන පද්ධති හා තට්‌ටු කිහිපයකින් යුක්‌ත නිවාස මේ ශිෂ්ටාචාරයෙන් හමු වී තිබේ. කෙසේ වෙතත් මේ සියල්ල සඳහා පදනම වූයේ කෘෂිකර්මයයි. කෘෂිකර්මයෙන් ලැබුණු අතිරික්‌තයෙන් සේ සියලු සමාජ සංවිධාන නඩත්තු කළ හැකි වීම ඉන්දු නිම්නයේ පැවැත්මට බලපෑ මූලික හේතුව විය. සංකීර්ණ සමාජ ව්‍යුහයක්‌ ගොඩනඟාගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබුණේ මේ කෘෂිකර්මයෙන් ලැබුණු ආර්ථික දියුණුව නිසා ය.

කෘෂිකාර්මික කටයුතු සඳහා ගංගා ජලය මත වැඩි වශයෙන් යෑපෙන්නට සිදු වූ බව පැහැදිලි ය.මේ ප්‍රදේශයට ජලය සැපයෙන්නේ ඉන්දු නදිය හා එහි අතු ගංගාවලිනි. ඒවා හිමාලය ප්‍රදේශයේ ග්ලැසියර දිය වීමෙන් හා මෝසම් වැසිවලින් පෝෂණය වේ. එය බෙහෙවින් වෙනස්‌ වනසුලු කරුණක්‌ වූ අතර නියඟය හා ගංවතුර මේ නදියේ ශිෂ්ටාචාරයට බෙහෙවින් බලපාන්නට ඇත. මේ අනුව දේශගුණික වෙනස්‌වීම් ඔවුන්ට අභියෝගාත්මක එකක්‌ වූ බව පැහැදිලි ය.

මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිඳ වැටුණේ කෙසේ ද යන්න කලක පටන් සාකච්ඡාවට ලක්‌ ව තිබූ කරුණකි. සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන ආකාරයට ඒ සඳහා විවිධ හේතු බලපා තිබේ. ඉන් වැඩි සාකච්ඡාවකට ලක්‌ ව ඇති කරුණු අතර, විදේශ ආක්‍රමණ, සමාජයේ අස්‌ථාවරත්වය හා වෙළෙඳාම අඩු වීම දක්‌වා ඇත. එසේ ම මේ සඳහා විවිධ පාරිසරික සාධක ද හේතු වූ බව යෝජනා කර ඇත. මේ අතර ශුෂ්කභාවයක්‌ ඇති වීම, ජලවිද්‍යාත්මක වෙනස්‌ වීම් ඇති වීම හා මිනිසුන් විසින් සිදු කරන ලද වෙනස්‌වීම්වල බලපෑම් වැනි කරුණු මෙහි දී වැදගත් වේ. එහෙත් මේ පිළිබඳව මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවැත්ම හා අවනතිය සඳහා දේශගුණයේ ඇති වූ වෙනස්‌වීම් බෙහෙවින් වැදගත් සාධකයක්‌ වේ.

දේශගුණ බලපෑම් අධ්‍යයනය

අප මාතෘකා කරගත් අධ්‍යයනයේ දී සිදු කර ඇත්තේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ භූදර්ශනය නැවත ගොඩනැඟීමකි. එහි දී අදින් වර්ෂ 5,200කට පමණ පෙර ආරම්භ වී අදින් වසර 3,900ත් 3,000ත් අතර කාලයක දී ක්‍රමයෙන් විනාශයට පත් වන ශිෂ්ටාචාරයේ පැවැත්මට බලපා ඇති සාධක හඳුනාගැනීමට උත්සාහ කර තිබේ. එහි දී අවධානය යොමු කර ඇත්තේ ගංගාවේ ජල ප්‍රවාහයේ ඇති වූ වෙනස්‌වීම් හා එය ශිෂ්ටාචාරයට බලපෑම් කළ ආකාරයයි. පළමුව චන්ද්‍රිකා ඡායාරූප මඟින් භූදර්ශනය පිළිබඳ විශ්ලේෂණයක්‌ සිදු කර ඇති අතර ඉන්පසුව වසර පහක පමණ කාලයක්‌ තිස්‌සේ විවිධ ප්‍රදේශවලින් අවසාදිත තැන්පතු නියෑදි ලබාගෙන ඇත. අරාබි මුහුදේ වෙරළ තීරයේ සිට ඉන්දු නදියේ හා එහි අතු ගංගාවල නිම්න ආදී විවිධ ස්‌ථානවලින් මේ තැන්පතු ලබාගෙන තිබේ. එසේ ම ඒවායේ කාලය නිර්ණය කිරීමෙන් පසුව මේ ප්‍රදේශයේ භූදර්ශනයේ වෙනස්‌කම් ගොඩනැඟීමට හැකි විය.

මේ සියල්ල මත ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ක්‍රියාවලී ගොඩනඟාගැනීමට හැකියාව ලැබී ඇත. වගා කරන ලද භෝග වර්ග මොනවාද, එසේ ම කෘෂිකර්මය හා ගොවිතැන වෙනස්‌ වූ ආකාරය පිළිබඳ නිර්ණයක්‌ කිරීමට හැකි වී තිබේ. එය එක්‌තරා ආකාරයකට අද වන විට දන්නා දේ නැවත විමසා බැලීමකි.

ඉන් හෙළි වන තොරතුරු අනුව මෝසම් වැසි දුර්වල වීම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ වර්ධනයට මෙන්ම අවනතියට ද බලපායි. මෝසම් වැසි නැඟෙනහිර දෙසට ව්‍යාප්ත වීමත් සමඟ ඉන්දු ගංගාවේ ජලප්‍රවාහය අඩු විය. අදින් වසර 5,000කට පමණ පෙර මේ ආකාරයෙන් සිදු වූ වර්ෂාපතනය අඩු වීමත් සමඟ මෙතෙක්‌ ගංවතුරින් යට වූ විශාල ප්‍රදේශයක්‌ වගා කළ හැකි විය. එහි ජලය තිබූ අතර රොන්මඩ මඟින් පෝෂිත ව තිබිණි. නිම්න වැසියන් දැක්‌වූ මේ අනුහුරු වීම නිසා ඉන්දු නදී ශිෂ්ටාචාරය නාගරික සංස්‌කෘතියක්‌ කරා ක්‍රමයෙන් වර්ධනය විය.

කෙසේ වෙතත් අදින් වර්ෂ 3,900කට පමණ පෙර සිට මේ ප්‍රදේශයේ මෝසම් වර්ෂාපතනය තවදුරටත් අඩු වීමත් සමඟ ඇති වූ දැඩි ශුෂ්කතාව නිසා මේ ශිෂ්ටාචාරය විනාශ වීම පටන් ගන්නට ඇති බව මේ අධ්‍යයනයෙන් ද අනාවරණය වී තිබේ. නිදසුනක්‌ ලෙස මෝසම් වැසි මත බෙහෙවින් යෑපුණු ප්‍රදේශ අත්හැර දමන්නට ඇති බවක්‌ පෙනී යයි. මෝසම් වැසි මත පෝෂණය වූ ගංගාවලින් ජලය සැපයුණු ගග්ගර්-අක්‍රා ප්‍රදේශය අත්හැර දැමීම මේ සඳහා යෝග්‍ය නිදසුනක්‌ වේ. එසේ ම වගා කරනු ලබන කාලයේ හා භෝග වර්ගවල බොහෝ වෙනස්‌කම් ඇති වී තිබේ. නිදසුනක්‌ ලෙස වැඩි වියළි කාලයකට ගැලපෙන භෝග වර්ග වගා කිරීම ඉහළ ගොස්‌ ඇති අතර වර්ෂාව මත පදනම් ව සිදු කරන වගා කටයුතු ග්‍රීෂ්ම සෘතුවේ ලැබෙන වර්ෂාවට සීමා වේ.

ඒ තත්ත්වය හමුවේ මේ ජනතාව ඉන්දු නදියේ ඉහළ ප්‍රදේශවලට හා නැඟෙනහිර දෙසට සංක්‍රමණය වූ බවට සාධක තිබේ. ඒ වඩා තෙත් දේශගුණයක්‌ සහිත වගා කටයුතු සඳහා යෝග්‍ය වූ ප්‍රදේශවලට ය. මේ සංක්‍රමණ මාර්ගයේ කුඩා ප්‍රමාණයේ ජනාවාස ඇති කරගන්නට ඇතත් ඒවායේ භෝග අතිරික්‌තය සංකීර්ණ නාගරික පද්ධති නඩත්තු කිරීමට ප්‍රමාණවත් නො වී ය.

මෙවැනි වෙනසක්‌ වූ බවට පුරාවිද්‍යාත්මක සාධක ද තිබේ. මේ කාලයේ පටන් නාගරිකකරණයේ අඩුවක්‌ දැකිය හැකි අතර වඩා කලාපීය විවිධත්වයකින් යුක්‌ත පුරාවස්‌තු නිර්මාණය වන ආකාරයක්‌ දැකගත හැකි ය. ඉන් පෙනෙන්නේ කලාපීය වශයෙන් වැදගත් වූ මධ්‍යස්‌ථාන ඇති වන බව හෙවත් මධ්‍යගත ව තිබූ පාලනය අසංවිධිත වන ආකාරයකි. එසේ ම මේ කාලයේ දී හරප්පා අක්‌ෂර භාවිතය ද ක්‍රමයෙන් අඩු වෙමින් යන බවට සාධක හමු වී තිබේ. ඉන් පැහැදිලි වන්නේ කෘෂිකර්මයේ පිරිහීම නිසා ශාස්‌ත්‍රීය හා කලා කටයුතු වැනි නිෂ්පාදන නො වන අංශවල පිරිහීමක්‌ ඇති වන බව ය. හරප්පා ශිෂ්ටාචාරය යළිත් ක්‍රමයෙන් ග්‍රාමීය මධ්‍යස්‌ථාන මත පදනම් වූවක්‌ වී ඇත. මෙය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අවසානය සේ ද සැලකිය හැකි ය. එය ඇති වන්නේ අදින් වසර තුන් දහසකට පමණ පෙර දී ය.

මේ අනුව පෙනෙන වැදගත් ම කරුණ වන්නේ වර්තමානයේ ඉන්දු නිම්නය ආශ්‍රිත ව ඇති වන මෝසම් වැසි ආශ්‍රිත ගංවතුර තත්ත්ව ඇති වීම වර්ධනය වුව හොත්, වර්තමාන ඉන්දු නිම්නයේ පිහිටා ඇති ලෝකයේ විශාලතම වාරිමාර්ග පද්ධතිවලට යම් තර්ජනයක්‌ ඇති විය හැකි බව ය. 2010 වර්ෂයේ දී ඇති වූ ගංවතුර තත්ත්වය මේ සඳහා නිදසුනක්‌ වේ. ඉන් ප්‍රදේශයට පමණක්‌ නො ව ඇතැම් පුරාවිද්‍යාත්මක ස්‌ථානවලට ද බලපෑමක්‌ සිදු විය. මේ තත්ත්වය සැලකිය යුතු කරුණක්‌ බව මේ අධ්‍යයනය පෙන්වා දී තිබේ.

සරස්‌වතී ගංගාව හඳුනාගැනුණේ ද?

මේ අධ්‍යයනයෙන් සරස්‌වතී ගංගාව පිළිබඳ ගැටලුව නිරාකරණය කළ බවක්‌ දක්‌වා තිබේ. හින්දු වේද සාහිත්‍යයේ එන ගංගාවක්‌ වන මෙහි ආරම්භය මෙන්ම ගංගාවට සිදු වූයේ කුමක්‌ ද යන්න පිළිබඳව ද බොහෝ මතභේද තිබේ. මේ ගංගාව පිළිබඳව සඳහන් වන්නේ අනෙක්‌ සියලු ගංගාවලට වඩා විශාල වූ ගංගාවක්‌ ලෙස හා එහි ආරම්භයේ සිට අවසානය දක්‌වා පවිත්‍ර ව පැවැති ගංගාවක්‌ ලෙස ය. මේ පුරාකථාවලට අනුව සරස්‌වතී නදිය ද හිමාලයෙන් ආරම්භ වූ බව විශ්වාස කරන ලදි. මේ සාහිත්‍යයේ සඳහන් වන සප්ත මහා ගංගා යනු ඉන්දු නදිය හා එහි අතු ගංගා සේ සැලකිය හැකි බව පෙන්වා දී තිබේ.

මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන ආකාරයට සරස්‌වතී ගංගාව කුමක්‌ දැයි හඳුනාගත හැකි විය. එය ඉන්දු නදියට නැඟෙනහිර දෙසින් පිහිටා ඇති වර්තමාන ගග්ගර් නම් ගංගාව විය හැකි ය. එහෙත් එය සාහිත්‍යයේ හා පුරාකතාවල සඳහන් වන ආකාරයට හිමාලයෙන් ජනිත වූවක්‌ නො ව මෝසම් වැසි මඟින් පෝෂණය වන ගංගාවකි. එය හක්‍රා නිම්නය ඔස්‌සේ ගලා ගොස්‌ කාන්තාරයකින් අවසන් වේ. මේ ගංගාව මෝසම් වැසි අක්‍රිය වීමෙන් පසුව අක්‍රිය වී ගොස්‌ තිබිණි. පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව මේ නදිය අවට ප්‍රදේශය මෝසම් වැසි ප්‍රබල ව පැවැති කාලවකවානුවල දී බෙහෙවින් ජනාවාස වී පැවැති අතර වැසි අක්‍රිය වීමෙන් පසු මේ ජනාවාස බෙහෙවින් අත්හැර දැමිණි.
(මූලාශ්‍රය Proceedings of the NationalAcademy of Sciences, DOI: 10.1073/pnas.1112743109) 
ධනේෂ් විසුම්පෙරුම
ජගත් පරිසර විමසුම - 128
(ධනේෂ් විසුම්පෙරුම)



රියෝ +20 සමුළුවට පෙර ලියූ සටහනක්‌

ඔබ මේ විමසුම කියවන මොහොත වන විට රියෝ +20 සමුළුව ආරම්භ වී තිබේ. ඒ සඳහා දහස්‌ ගණනක පිරිසක්‌ ලෝකයේ විවිධ රටවල සිට බ්‍රසීලයේ රියෝ ද ජැනේරෝ වෙත පැමිණ සිටිය හ. මේ අතර රටවල් රැසක රාජ්‍ය නායකයෝ ද වෙති. මේ සමුළුව විවිධ ආකාරයෙන් හඳුන්වා දී ඇති අතර ඉන් සමහරක්‌ මෙසේ ය. 'තිරසර ආර්ථිකයක්‌ කරා ගමන් කිරීම සඳහා පරම්පරාවකට වරක්‌ ලැබෙන අවස්‌ථාවක්‌' ලෙසින් මෙය බන් කි-මූන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. එසේ ම 'වැදගත් අවස්‌ථාවක්‌' ලෙසත් ඔහු මෙය නම් කර ඇත.

දින තුනක්‌ පුරා පැවැත්වෙන මේ සමුළුවේ අරමුණ හා එහි ඇති වැදගත්කම පිළිබඳව ද අපි මේ තීරුව ඔස්‌සේ වරින් වර සාකච්ඡා කළෙමු. ඊට සම්බන්ධ සියලු පාර්ශ්වවල අරමුණ වන්නේ මෙහි දී කිසියම් වූ වර්ධනයක්‌ අත්පත් කරගැනීම ය. එහෙත් සමුළුවෙන් කිසිවක්‌ බලාපොරොත්තු විය හැකි ද යන්න හා එහි දී ඇති විය හැකි වර්ධනයක්‌ පිළිබඳව ඇත්තේ ගැටලුසහගත තත්ත්වයක්‌ බව ද අපි පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත් අද වන විට සේ සම්බන්ධව සාකච්ඡාවට ලක්‌ ව ඇති කරුණු කිහිපයක්‌ පිළිබඳව ද කිසියම් අවධානයක්‌ යොමු කිරීමට අද අපේක්‌ෂා කරමු.

එකඟතාව දුබල වේ?

රියෝ +20 සමුළුවේ දී ඇති වනු ඇතැයි අපේක්‌ෂිත එකඟතාව කෙබඳු ආකාරයේ එකක්‌ වේ ද යන්න පිළිබඳව විවිධ අදහස්‌ පළ කරන ආකාරය දැකිය හැකි ය. පසුගිය ජනවාරි මාසයේ දී මුලින් ම නිකුත් කරන ලද එහි කෙටුම්පත මේ වන විට සාකච්ඡා වට ගණනක දී වෙනස්‌ වී තිබේ. එහෙත් එහි ඇති කරුණුවලින් පිළිගැනීමට ලක්‌ ව තිබුණේ පහෙන් එකක තරම් වූ කරුණු ප්‍රමාණයකි. සෙසු කරුණු සම්බන්ධව තවමත් මතභේද පවත්නා බව වාර්තා විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මුල් කෙටුම්පතේ සිට මේ දක්‌වා එහි ඇති වගන්තිවලට විවිධ පාර්ශ්ව විරුද්ධ වීම ය. ඇමෙරිකාව, චීනය හා 77 කණ්‌ඩායම, යුරෝපා සංගමය මෙන්ම රුසියාව ද මේ ඇතැම් වගන්තිවලට විරුද්ධ වූ රටවල් අතර වේ.

මේ වන විට ලැබෙන වාර්තාවලට අනුව ජලය හා බලශක්‌තිය පිළිබඳ අංශවල දී සමුළුවේ එකඟතාව දුර්වල එකක්‌ විය හැකි ය. නිදසුනක්‌ ලෙස සැමට නූතන බලශක්‌තිය ලබා දීම හා පුනර්ජනනය කළ හැකි බලශක්‌තියේ හා බලශක්‌ති කාර්යක්‌ෂමතාව පිළිබඳ ඉලක්‌ක 'අනුමත කිරීම' වෙනුවට දක්‌වා ඇත්තේ 'සැලකිල්ලට ගත්' බවකි. ජලය සම්බන්ධව ද යොදාගෙන ඇති යෙදුම්වලින් ප්‍රබල පණිවිඩයක්‌ නොලැබේ.

අනෙක්‌ අතට මෙහි දී එකඟ වී ඇති කරුණු අතර සමහරක්‌ පිළිගැනීමට ලක්‌ ව ඇත්තේ ප්‍රතිපත්තිමය වශයෙන් පමණි. ඒවායේ නිශ්චිත ඉලක්‌ක හෝ නිශ්චිත දින වකවානු හෝ කිසිවක්‌ දක්‌වා නැත. මේ නිසා ලෝකයේ මිනිසුන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව මේ ගිවිසුම් කෙටුම්පතෙන් කෙතරම් විසඳුමක්‌ ලැබේ ද යන්න ඇතැම් කණ්‌ඩායම් විසින් ප්‍රශ්න කෙරී තිබේ. දියුණු වන රටවල් කලක පටන් අපේක්‌ෂා කරන කරුණක්‌ මේ කෙටුම්පතේ පිළිගෙන ඇත. එනම් දියුණු හා දියුණු වන රටවලට 'පොදු එහෙත් වෙනස්‌ වූ වගකීම්' ඇති බව ය. මෙය දියුණු වන රටවලට වැදගත් වන්නේ යම් යම් සීමා කිරීම් වැනි අවස්‌ථාවල දී ය. නිදසුනක්‌ ලෙස හරිතාගාර වායු විමෝචන සීමා කිරීම දැක්‌විය හැකි ය. (එසේ ම ඇතැම් දියුණු වන රටවලට අවශ්‍ය ව ඇත්තේ ඔවුන් ගේ පාරිසරික ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය හෝ තාක්‌ෂණික සහයෝගයයි. විශේෂයෙන් විදේශ ආධාර ලෙස දියුණු රටවල් විසින් ලබා දෙනු ලබන මුදල නිසි පරිදි ලබා ගැනීම ඔවුන් ගේ අරමුණු අතර වේ.)

එක්‌ ජාත්‍යන්තර පරිසර ක්‍රියාකාරිකයකු ප්‍රකාශ කර තිබූ පරිදි, මේ කෙටුම්පත සම්බන්ධව විය හැක්‌කේ කරුණු දෙකකි. ඉන් එකක්‌ නම් දුර්වල ගිවිසුමක්‌ අත්සන් තැබීම ය. අනෙක වන්නේ එකඟතාවකින් තොර ව එය සම්පූර්ණයෙන් ම බිඳවැටීම ය. මේ කුමන කරුණකින් හෝ ලෝකයට අවශ්‍ය දේ නො ලැබේ. (අප මේ ප්‍රකාශයට කෙතරම් අකැමැති වුවත් යථාර්ථයක්‌ ලෙස සිදු විය හැක්‌කේ එවැන්නකි) 'අපට අවශ්‍ය අනාගතය' නම් මේ එකඟතාව දුබල එකක්‌ වුව හොත් එය අනාගත සංරක්‌ෂණ ව්‍යාපාරයට තීරණාත්මක ලෙස හානිකර විය හැකි ය.

තනි විසඳුමක්‌ නොමැත

ලෝකයේ තිරසාරභාවය අත්පත් කරගැනීම එක්‌ මාර්ගයක්‌ මත රැඳුණු විසඳුමකින් අපේක්‌ෂා කළ නොහැකි බවත් ඒ සඳහා වඩා වෙනස්‌ වූ ප්‍රවේශ කිහිපයකින් යුක්‌ත විසඳුම් අවශ්‍ය විය හැකි බවත් අධ්‍යයන වාර්තාවක්‌ මඟින් පෙන්වා දී තිබේ. මෙතෙක්‌ ලෝකය අනුගමනය කළ ක්‍රියාමාර්ගවල අසාර්ථකත්වය මේ වන විට පෙනී ගොසිනි.

අපේ ලෝකයේ සීමාව තුළ, තිරසර ආකාරයෙන් අපේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අපට නව සොයාගැනීම් සඳහා වැඩි අවස්‌ථා ලබා දීම අවශ්‍ය වේ. එසේ ම මේ සඳහා ප්‍රජා මට්‌ටමේ ක්‍රියාකාරීන්ට බලය හා පිළිගැනීමක්‌ ලබා දිය යුතු ය. මෙහි දී එකිනෙක හා බැඳුණු කරුණු තුනක්‌ පිළිබඳව අවධානය යොමු කළ යුතු ව තිබේ.

ඒ දිශානතිය, විවිධත්වය හා ව්‍යාප්තිය යන කරුණු ය. විවිධත්වය යනුවෙන් මෙහි දී අදහස්‌ කරනු ලබන්නේ විවිධ ප්‍රවේශ හා නව සොයාගැනීම් සඳහා අවස්‌ථාව ලබා දිය යුතු බව ය. මේවා තාක්‌ෂණික හෝ සමාජයීය විය හැකි අතර ඉන් ලෝකයේ තිරසාරභාවයට යම් පිළියමක්‌ ලැබෙන්නේ නම් එය සාර්ථක පිළවෙතකි. ඉහත දක්‌වා ඇති තෙවැනි කරුණ වන ව්‍යාප්තියෙහි වැදගත් වන්නේ ලබා දෙන විසඳුම්වලින් ප්‍රයෝජන ලැබෙන්නේ කාට ද යන්න හා පාඩුවක්‌ සිදු වන්නේ කාට ද යන්න ය. ප්‍රජාමූලික ක්‍රියාකාරකම් වඩාත් වැදගත් වන්නේ වඩාත් පීඩාවට පත් ව ඇති පිරිස්‌ වෙත ඉන් ප්‍රයෝජන ලැබෙන නිසා ය. (මූලාශ්‍රය Transforming Innovation forSustainability, http://steps-centre.org)

ජනගහනය හා පරිභෝජනය ගැන අවධානයක්‌ අවශ්‍යයි

ලෝක පරිසරයේ තත්ත්වය යහපත් ව පවත්වාගෙන යැමට නම් ලෝකයේ ජනගහනය හා පරිභෝජනය පිළිබඳව රියෝ සමුළුවේ දී අවධානය යොමු කරන මෙන් ලෝකයේ ප්‍රකට විද්‍යාඥයන් පිරිසක්‌ ලෝක නායකයන් ගෙන් ඉල්ලා තිබිණි. අතීතයේ මේ සම්බන්ධව සිදු වූ පසුබෑම් නිසා වර්තමාන ගැටලුසහගත තත්ත්වය ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත. අධික ජනගහන වර්ධනය මෙන්ම අධි පරිභෝජන රටාව ද ලෝකයේ සම්පත් කෙරේ බලපා ඇති බරපතළ ගැටලු දෙකකි. මේ කරුණු රියෝ සමුළුවේ එකඟතාවේ කෙටුම්පතට ඇතුළත් වුවත්, එය එතරම් අවධානයක්‌ යොමු වී නොමැති කරුණකි. මේ නිසා උක්‌ත විද්‍යාඥයන් පිරිස ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව යම් අවධානයක්‌ යොමු කරන ලෙස ය.

මේ ඉල්ලීම කළ සියයකටත් අධික වන මේ විද්‍යාඥයන් පිරිසට ලෝකයේ දියුණු රටවල මෙන්ම දියුණු වන රටවල විද්‍යඥයන් ද අයත් වීම විශේෂත්වයකි.


පුවත් සැකෙවින්
වේලි නිසා අනතුරුට පත් මාළු

වේලි බැඳීමෙන් මිරිදියේ ජීවත් වන මත්ස්‍යයන්ට හා වෙනත් ජීවී විශේෂවලට කිසියම් අහිතකර බලපෑමක්‌ සිදු වන බව මේ වන විට ප්‍රත්‍යක්‌ෂ කරුණකි. මසුන් ගේ සංක්‍රමණ රටා වෙනස්‌ වීම, බිත්තර දමන ප්‍රදේශ හා ආහාර ලබාගන්නා ප්‍රදේශ වෙනස්‌ වීම, ජලයේ සාමාන්‍ය ප්‍රවාහයේ වෙනස්‌ වීම් ඇති කිරීම මේ අතර වේ. එහෙත් ප්‍රමාණවත් තරම් තොරතුරු නොමැති වීම නිසා මේ පිළිබඳ නියම තත්ත්වය පැහැදිලි කර ගැනීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් වේලි බැඳීම් නිසා අනතුරට පත් වන මත්ස්‍ය විශේෂ පිළිබඳව සිදු කරන ලද පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් මේ සඳහා පිළිතුරු ලබා දී තිබේ.

එකිනෙකට වෙනස්‌ පාරිසරික කලාප 397ක පිහිටා ඇති මීටර 15කට වඩා උස්‌ වේලි පිළිබඳව සිදු කර ඇති මේ අධ්‍යයනයෙන් මත්ස්‍ය විශේෂවලට වැඩි ම තර්ජනයක්‌ එල්ල කරන ප්‍රදේශ දහ අටක්‌ නම් කර ඇත. අධික ලෙස වේලි බැඳීම නිසා මසුන්ට මේ තර්ජනය ඇති වේ. මේ ප්‍රදේශවල මත්ස්‍ය විශේෂ සංරක්‌ෂණය සඳහා කඩිනම් පියවර ගත යුතු බව ද මේ වාර්තාව පෙන්වා දෙයි. ආඳන්, සැමන් මසුන් හා සංක්‍රමණික හැසිරීම් පෙන්වන වෙනත් මත්ස්‍යයන් මේ ආකාරයෙන් වැඩි තර්ජනයකට ලක්‌ ව ඇති විශේෂ අතර වේ. (මූලාශ්‍රයBioScience, DOI: 10.1525/bio.2012.62.6.5)
ඇමෙරිකානු කූගර ගහනය වර්ධනය වේ
ඇමෙරිකාවේ වාසය කරන කූගරයන් හෙවත් ඇමෙරිකානු කඳුකර සිංහයන් ගේ (Puma concolor) ගහනය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව වාර්තාවක සඳහන් වේ. මිනිසුන් විසින් දඩයම් කිරීම මෙන්ම මේ සතුන් ගේ ගොදුරු වූ සත්ත්ව විශේෂ වඳ වී යැම ආදී විවිධ හේතු නිසා වසර සියයක්‌ පමණ කාලයක්‌ පුරා අඩු වෙමින් පැවැති මේ මාංශභක්‌ෂක සතුන් ගේ ගහනය ඇතැම් ප්‍රදේශවල හෝ යළි වර්ධනය වීමට පටන්ගෙන ඇත.

අධ්‍යයනවලින් අනාවරණය වී ඇති ආකාරයට කූගරයින් වඳ වී ගොස්‌ තිබූ ඇතැම් ප්‍රදේශවල ඔවුන් ගේ ස්‌ථාවර ගහන ඇති වන බවක්‌ යළි වාර්තා වී තිබේ. කූගරයන්ට යෝග්‍ය පරිසරයක්‌ සහිත ප්‍රදේශවලට සමීප ව මොවුන් හමු වීම ද වැදගත් කරුණකි. දැනට අනාවරණය වී ඇති පරිදි එරට මධ්‍ය බටහිර ප්‍රදේශයේ ඔවුන් ගේ ව්‍යාප්තියක්‌ දැකිය හැකි ය. (මූලාශ්‍රයJournal of Wildlife Management,DOI: 10.1002/jwmg.396)
ලොව විශාලතම සාගර ආරක්‌ෂිත ප්‍රදේශය ඔස්‌ට්‍රේලියාවේ
ලෝකයේ විශාලතම සාගර ආරක්‌ෂිත ප්‍රදේශ ජලාය පිහිටුවීමට ඔස්‌ට්‍රේලියාව සූදානම් වේ. වර්ග කිලොමීටර මිලියන 3.1ක පමණ ප්‍රදේශයක්‌ ආවරණය මේ සාගර ආරක්‌ෂිත ප්‍රදේශ ජාලය ඔස්‌ට්‍රේලියාවේ සමස්‌ත මුහුදු ප්‍රදේශයෙන් තුනෙන් එකක්‌ පමණ වනු ඇත. මින් විශාලතම ආරක්‌ෂිත ප්‍රදේශය වන්නේ එරටට ඊසානදිගින් පිහිටා ඇති කොරල් මුහුදයි. එසේ ම ලෝක ප්‍රකට මහා බාධක පරය ද මේ ආරක්‌ෂිත ප්‍රදේශ ජාලයට අයත් වේ.

මේ සඳහා වූ සැලසුම් වසර ගණනක්‌ තිස්‌සේ සාකච්ඡාවට ලක්‌ වූ අතර එහි අවසන් සාකච්ඡා මේ වන විට පැවැත්වේ. ආරක්‌ෂිත ප්‍රදේශයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ ප්‍රදේශයේ මසුන් මැරීම හා ගෑස්‌ හා තෙල් සඳහා කැණීම් සිදු කිරීම සඳහා සීමා පැනවෙනු ඇත.

සාගර ආරක්‌ෂිත ප්‍රදේශ සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ කලක පටන් සාකච්ඡාවට ලක්‌ ව තිබූ කරුණකි. විශේෂයෙන් මත්ස්‍ය විශේෂවල ගහන යථා තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා ආරක්‌ෂිත ප්‍රදේශවල අවශ්‍යතාව පිළිගත් කරුණකි.


Source ; www.vidusara.com/2012/06/20/viduindex.htm